ත‍්‍රිකුණාමලය ශ‍්‍රී ෂන්මුගා හින්දු බාලිකා විද්‍යාලය වසර 95 ක් පුරා සහජීවනයේ පාසැලක්

ප‍්‍රාදේශිය පුවත්

ත‍්‍රිකුණාමලය ශ‍්‍රී ෂන්මුගා හින්දු බාලිකා විද්‍යාලය සියලූ ආගම් වලට හා සංස්කෘතීන්ට ගරු කරන පාසලක් වන බවත් එවැනි පාසලක් ඡයාරූප ගත කර සමාජ වෙබ් අඩවි හරහා වැරදි අර්ථකතනයක් දෙමින් පල කර සිදුකරන පහත් ක‍්‍රියාව සහජීවනයට බාධාවක් බව එම විදුහලේ පාසල් සංවර්ධනය සමිතිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ඉකුත් සතියේ පාසලේ සේවය කරන මුස්ලිම් ගුරුවරියන් තිදෙනෙකු මුස්ලිම් සංස්කෘතික ඇදුමක් වන අබායා ඇදුමින් සැරසී පාසලට පැමිණීමට එරෙහිව සිදුකල විරෝධතාවයකින් පසු ජාතිවාදය පදනම් කරගත් ඇතැම් සමාජ වෙබ් අඩවි පලකර තිබු මාධ්‍ය වාර්ථා පදනම් කර ගනිමින් පාසල් සංවර්ධන සමිතිය මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ.

මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ශ‍්‍රී ෂන්මුගා හින්දු බාලිකා විදුහල ජාතීන් හා ආගම් කිහිපයකට අයත් ශිෂ්‍යාවන් 2375 දෙනෙකු ඉගෙනුම ලබන පාසලක් වන බවත්  එහි මුස්ලිම් ශිෂ්‍යාවන් 110 දෙනෙකු ඉගෙනුම ලබන බවයි මෙම පාසල තමන්ට ආවේණිකවු සංස්කෘතික උරුමයන් හා තම ආභාෂයන් වසර 95 ක් පුරා රැකගත් ඉහල අධ්‍යාපනයක් සහිත පාසලක් වන බවයි එම පාසලේ ගුරුවරියන් තමන්ගේ සම්ප‍්‍රදායන් පිළිපදිමින් සංස්කෘතීන් ආරක්ෂා වන අයුරින් සාරියකින් සැරසි පාසලට පැමිනීම අතීතයේ සිට සිදුවුවක් බවත් එම නිවේදනයෙහි දැක්වේ.

ඉස්ලාම් ආගමික ගුරුවරියන් තිදෙනෙකු අබායා ඇදුමින් සැරසී පාසලට පැමිණීමට එරෙහිව විරෝධය පා සිදුකල උද්ඝෝෂණයකින් පසුව මෙම සිද්ධිය සමථයකට පත්වී ඇති බවද එසේ තිබියදී ඇතැම් සමාජ වෙබ් අඩවි හරහා පාසල අපකීර්තියට පත්කරමින් සිදුකරන පහත් ක‍්‍රියාව හෙලා දකින බවද එහි වැඩිදුරටත් සඳහන් වේ