සීතාවක හිටපු ප්‍රා.සභාපතිට මන්තී‍්‍රවරයකුගෙන් මරණ තර්ජන

ප‍්‍රාදේශිය පුවත්

සීතාවක ප‍්‍රාදේශීය සභාවේ එජාප ප්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකු ඊයේ (2)  රාත්‍රී සීතාවක ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු ඇතුළු සිව් දෙනෙකුට ගිනි අවියක් සහ තියුණු ආයුධ පෙන්වා මරණ තර්ජන කළැයි අද (3) පැමිණිලි කර ඇති බව පාදුක්ක පොලිසිය පවසයි.



මෙම සැකකාර එජාප ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා තවත් පුද්ගලයකු සමඟ සීතාවක ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු සභාපතිවරයාගේ නිවසට පැමිණ  තියුණු ආයුධ පෙන්වමින් තමා ඇතුළු ප‍්‍රදේශයේ තවත් පුද්ගලයින් පස් දෙනෙකු මරා දමන බවට තර්ජනය කර ඇති බව පවසයි.

මේ අවස්ථාවේ  බිරිඳ හා දරුවන් එක්ව තමන්ව ඇදගෙන ගොස් නිවසෙහි සඟවා තැබීමට කටයුතු කළ නිසා  තම ජීවිතය බේරා ගැනීමට හැකි වූ බව හිටපු  සභාපතිවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ
සීතාවක ප‍්‍රාදේශීය සභාවේ මෙම එජාප මන්ත්‍රීවරයා හංවැල්ල තුන්නාන දී ව්‍යාපාරිකයකුට පහර දුන් බව වාර්තාවේ.