ගින්නකින් වවුනියාවේ කර්මාන්තශාලාවක් විනාශයිග

ප‍්‍රාදේශිය පුවත්

වවුනියාවලවෛරවපුලියන්කුලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කර්මාන්තශාලාවක ඊයේ(04)රාත්‍රියේ හටගත් ගින්නක් හේතුවෙන් කර්මාන්තශාලාව සම්පූර්ණයෙන් විනාශ වි ඇති බව වවුනියාව පොලිසිය පවසයි.


වවුනියාව පොලිසිය පැවසූවේ තෙල් වර්ග හිඳින කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන ඇති අතරල ගින්නෙන් කර්මාන්ත ශාලාවේ උපකරණ සියල්ල ගිනිගෙන විනාශ වි ඇති බවයි.
ගින්නට  හේතුවි ඇත්තේ  විදුලි කාන්දුවක්  බව පොලිසිය සැක පළ කරන අතර, කර්මාන්ත ශාලාවේ පැවති තෙල් හේතුවෙන් ගින්න ශිඝ්‍රයෙන් පැතිරගොස් ඇති බවද පොලිසිය සදහන් කළේය.
පොලිසිය පැවසූවේ ගින්න හේතුවෙන් කර්මාන්තශාලාවේ ලක්ෂ ගණනාවක උපකරණ විනාශ වි ඇති අතරල සිදුවු අලාභය තවමත් තක්සේරු කොට නොමැති බවය.
වවුනියාව නගර සභා ගිනි නිවීමේ ඒකකය,වවුනියාව පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් යොදා ගින්න නිවා දැමීමට කටයුතු කරනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවයි.