ගිනිගත්හේන- ගම්මාන පහක පදිංචිකරුවන් උද්ඝෝෂනයක

ප‍්‍රාදේශිය පුවත්

ගිනිගත්හේන පේරගොල්ල  ග්‍රාමිය මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා ගම්මාන පහක පදිංචිකරුවන් උද්ඝෝෂනයක යෙදුන අතර එහිදී ප්‍රදේශවාසින්ට අධිකරණ නියෝගයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කළේය.



අඹගමුව ප්‍රදේශිය සභාව යටතේ පාලනය වන ගිනිගත්හේන පේරගොල්ල මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා එම මාර්ගය දෙපස ගම්මාන පහක පදිංචිකරුවන් අද(13) උද්ඝෝෂනයේ නියැලුණේය.

ගිනිගත්හේන නගරයෙන් එම මාර්ගයට පිවිසෙන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මංසන්ධියේ දි මෙම උද්ඝෝෂණය සිදුකල අතර උද්ඝෝෂකයන්ට මාර්ගය අවහිර නොකරමින් සාමකාමි ලෙස උද්ඝෝෂනය සිදු කරන ලෙසට ගිනිගත්හේන පොලිසිය මගින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් අධිකරණ නියෝගයක්ද පොලිසිය විසින් උද්ඝෝෂනය සංවිධානය කල අයට ලබාදෙනු  ලැබුවේය.

කිලොමිටර් 6 කින් යුක්ත මෙම මාර්ගය වසර 6 කින් පමණ ප්‍රතිසංස්කරණය නොකිරිම නිසා එම මාර්ගයේ මේ වන විට  විශාල වලවල් හැරි මාර්ගය ඉතා අබලන්ව තිබිම නිසා රථවාහන ගමනාගමනයට දුෂ්කර නිසා  එම මාර්ගයේ දැනට දිනකට සිමිත ගමන් වාර කිහිපයක් පමණක් හැටන් ඩිපොවේ ලංගම බස්රථයක් පමණක් ධාවනය වන බවයි උද්ඝෝෂණයේ නියැලි ගම්වාසින් කියා සිටියේය.
ගිනිගත්හේනෙ කිනිගල,කපුගෙදර,කොස්වත්ත,පේරගොල්ල,හොරකඩ, ඇතුළු ග්‍රාමසේවා වසම් දෙකකට අයත් පවුලු 1500 පමණ මෙම ගම්මාන වල පදිංචිව සිටින බවත් ,එහි පදිංචිකරුවන් රජයේ රැකියාවල ,කුලි වැඩ සහ  තේ වගාව ජිවන උපාය වශයෙන් සිදු කරන අය බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි ගම්වාසින් කියා සිටියි.
එම මර්ගයේ පවතින දුෂ්කරතා නිසා රථවාහන ගමනා ගමනය සිමා කිරිම හේතුවෙන්  එම ගම්මානවල සිට ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයට පැමිණෙන සිසු  සිසුවියන් මෙන්ම ගිනිගත්හේන රෝහලට පැමිණෙන රෝගින් මෙන්ම රැකියා  සදහා සහ දෛනික අවශ්‍යතා සදහා ගිනිගත්හේන නගරයට පැමිණෙන එම ගම්මාන වල පදිංචිකරුවන් දැඩි දුෂ්කරතාවයට පත්වි ඇති බවද උද්ඝෝණයේ නියැලි ගම්වාසින් කියා සිටියේය.
මධ්‍යම පලාත් මාර්ග සංවර්ධන අධිකාරය අයත් මෙම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස උද්ඝෝෂනයේ නියැලි ගම්වාසින් ඉල්ලා සිටියි.

janahada