අනවසරෙන් මැණික් හෑරූ සැකකරුවන් 3ක් ඉල්ලම් සමඟ අත්අඩංගුවට

ප‍්‍රාදේශිය පුවත්

පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක්නොමැතිව  අනවසරෙන් මැණික් ඉල්ලම් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් මැණික් ඉල්ලම් පස් තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් දෙදෙනෙක් පලා ගොස් තිබේ.


බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන තේ වත්තේ තේ ගස්  තුල විශාල  පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ඉල්ලම් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් අද(20) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසයි.
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔයට යාබදව තේ වත්තේ මෙම සැකකරුවන් මැණික් ඉල්ලම් හාරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත අද අලුයම 3 ට බගවන්තලාව පොලිසිය නිලධාරින් හදිසි වැටලිමක් සිදු කර මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලිම සිදු කරන අවස්ථාවේ තවත් සැකකරුවන්  දෙදෙනෙකු පලා ගිය බවත් එම සැකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හාරා ගොඩ දමා ප්‍රවහනය කිරිමට සුදානම් කර තිබු මැණික් ඉල්ලම් සහිත උර 55 ක් සහ මැනික් ගැරිමට  උපයෝගි කර ගත් උපකරණ රැසක්ද අත්අඩංගුවට ගත් බවත් ල අත්අඩංගුවට ගත් සැකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, පොලිසිය  පවසයි.
මෙම මැණික් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.සිගධර්මප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

janahada