වැලි ටිපර් රථ 12 කට ගල් හා පොලු ප්‍රහාරයක්

ප‍්‍රාදේශිය පුවත්

වැලි ප්‍රවාහනය කල ටිපර් රථ 12 කට ඊයේ (21) රාත්‍රි දෙහිවත්ත හා කල්ලාර් ප්‍රදේශය අතරදී කිසියම් පිරිසක් විසින් කල පහරදීමකින් වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ අටක වා මුවාට හානි සිදුව ඇතැයි සේරුනුවර පොලිසිය පවසයි.


තිත්තන් චෙට්ටි වැලි මංකඩ අසල වැලි ගබඩාවකින් වැලි රැගෙන එමින් තිබු මෙම ටිපර් රථ පෙලට දෙහිවත්ත හා කල්ලාර් ප්‍රදේශය අතර හතර වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම පහරදීම සිදුව තිබේ

ප්‍රහාරය එල්ල කිරිමට පැමිණි පුද්ගලයන් මග හරස් කර ටිපර් රථ නවත්වා ගල් හා පොලු වලින් තමන්ගේ වාහන වලට පහරදුන් බවත් පහර දීමෙන් ටිපර් රථ අටක ඉදිරි වා මුවාව බිඳී ගොස් ඇති බවත් මීට පෙර අවස්ථාවකදීද පුද්ගලයන් පිරිසක් වැලි ප්‍රවාහනය කල ටිපර් රථ හතරකට පහර දුන් නමුත් පොලිසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරිම නිසා මැරයන් කැලෑ නීතිය අතට ගෙන ඇතැයි වැලි රියදුරන් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට නොගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

janahada