පාසල් සිසුවෙකු ගෙලවැලලාගෙන මියයාමේ සිද්ධිය පදනමි කරගෙන හැටන් ඇබොර්ස්ලි වතුයායේ වතුකමිකරුවන් වැඩ වර්ජනයක. නොසන්සුන්තාවය පාලනය කිරිමට පොලිස් නිළධාරින් මැදිහත් වෙයි.

Read more ...
Write comment (0 Comments)

සුනඛයින් යොදා වන සතුන් කොටු කරගෙන එම සතුන්ට පොළු වලින් පහර දී ඝාතනය කර මස් චීන අවන්හල් වලට අලවි කිරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් 03 නෙකු මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read more ...
Write comment (0 Comments)

ජාතික පශු සමිපත් මණ්ඩලය යටතේ පාලනය වන රජයේ සත්ත්ව ගොවිපළේ මියයන ගවයන් හා ගව පැටවුන් වල දැමිම වෙනුවට එම සතුන්ගේ සිරුරු තෘණ බිමි වල ගෙනවිත් දැමිම නිසා බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපළේ විශාල දුගන්ධයක් හා විශාල පරිසර හානියක් සිදුවි ඇති බව එම සත්ත්ව ගොවිපළේ සේවකයන් පවසයි.

Read more ...
Write comment (0 Comments)

කල්පිටිය අර්ධද්වීපයේ භූගත ජලය රසායනික ද්‍රව්‍ය මුසුවී ඇති හෙයින් එය බීමට ගැනීමෙන් ආබාධිත දරුවන් බිහිවේ. මෙම ප‍්‍රදේශයේ පානීය ජලය ලබා ගැනීමට විකල්පයක් නොමැත. එම නිසා විදේශ ආධාර ඇතුව මුහුදු ජලය පිරිසිදු කර කල්පිටිය ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බව ශ‍්‍රී ලංකා

මුස්ලිම් කොංග‍්‍රස් නායක" අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

කල්පිටිය ප‍්‍රදේශ සභාවට ගස ලකුණෙන් තරඟ කරන අපේක්ෂකයින්ට සහාය දැක්වීමේ රැලිය ඊයේ(23) අමතමින් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය මේ බව අනාවරණය කළේ ය.

කල්පිටිය ප‍්‍රදේශයේ භූගත ජලය රසායනික ද්‍රව්‍ය මුසුවී දූෂිත වී තිබෙන අතර‚ එය මිනිස් භාවිතයට අහිතකරන ආකාරයෙන් ඇත. මෙම ජලයේ “නෛට්‍රජන්” ප‍්‍රමාණය අධිකව තිබෙන හෙයින් මෙහි උපදින දරුවන් නිල්පැහැයෙන් යුතු ආබාධයන් ඇතිවන බවත් මෙම ප‍්‍රදේශයට නල මගින් ගෙන ඒමට තරම් “කලා ඔයේ” ප‍්‍රමාණවත් ජල නොමැති හෙයින් මුහුදු වතුර පිරිසිදුකර කල්පිටිය ප‍්‍රදේශ ජනතාවට පානීය ජලය ලබා දීමේ උත්සාහයක නිරතවී සිටින බවද ඇමතිවරයා පවසයි.

කල්පිටිය නාවුක හමුදා කඳවුර ආශ‍්‍රිතව ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත් සැලසුම්කර ඇති බවත්

ඊට  අමතරව පුත්තලම දකුණ ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකස්කර ඇති අතර  එයින් පුත්තලමේ අනෙකුත් ප‍්‍රදේශයටත් ආරක්ෂිත පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකිවන බවද රවුෆ් හකීම් ඇමතිවරයා මෙහිදී පැවසිය.

Write comment (0 Comments)

දිවයිනට පැමිණ සිටින නේපාල යුධ හමුදාපති ජෙනරාල් රාජේන්ද්‍ර චෙට්ටි මහතා පසුගිය 20 දින  මුලතිව් ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

Read more ...
Write comment (0 Comments)

කැළණිය ප‍්‍රාදේශීය සභාවේ ලේකම් කේ.එච්. කපිල කුමාර මහතා පවසන්නේ කැළණිය ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශයේ හිඟ වරිපනම් බදු නොගෙවන පුද්ගලයන්ගේ දේපළ තහනම් කරන බවයි.

Read more ...
Write comment (0 Comments)

2017 යල කන්නයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී වගා කල ගොවීන්ට කඩිනමින් පොහොර සහනාධාර මුදල් ගෙවීමට කටයුතු කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ කුරුණෑගල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ජී.ජී. හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කරයි.

Read more ...
Write comment (0 Comments)

More Articles ...