පොළොන්නරුවේ නගර සංවර්ධන වැඩසටහනට මුවාවී පොළොන්නරුව ඉපැරණි නගර බැම්ම මතින් මංතීරු දෙකක මාර්ගයක් ලෙස විජයබා මාවත නම් අතුරු මාර්ගය පුළුල් කිරීමට බැකෝ යන්ත්‍ර දමා හාරා තිබීම නිසා  ඓතිහාසික පුරාවිද්‍යා සාධකවලට හානි සිදුවන බැවින් තමන් වෙත එම සිද්ධිය සැලවීමෙන් පසු එහි සංවර්ධන කටයුතු වහාම නවතා දමන්නැයි නියෝග කළ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)

කැකනදුර, පරවාහැර (දකුණ) ප්‍රචලිත ඇලෑදෙණිය දේවේන්ද්‍ර ගම්මානය යනු කම්මල් කර්මාන්තකරුවන්ගෙන් සැදුම්ලත් ගම්මානයකි. මේ ගම්මානයේ බොහෝ පිරිසකගේ දෛනික ජිවනෝපාය කම්මල් කර්මාන්තයයි. ඔවුහු නිෂ්පාදනය කරන කම්මල් උපකරණ (කැති, දෑකැති, පොරෝතල පිහි ආදිය) අලෙවි කරගැනීමෙන් සිය දරු පවුල් රක්ෂා කරති.

Read more ...
Write comment (0 Comments)

මධ්‍යම පළාතේ පාසල් ගුරුවරුන් තිස් එක් දෙනකුට පමණ හිඟ වැටුප් ගෙවීමට තිබිය දී මධ්‍යම පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන්ගෙන් පනස් අට දෙනකුට සහ නිලධාරීන් හත් දෙනකුට රුසියානු අධ්‍යාපන චාරිකාවක් සඳහා මධ්‍යම පළාත් සභාව විසින් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් වැය කිරීම මධ්‍යම පළාතේ ලංකා ගුරු සංගමයේ සමස්ත ගුරුවරුන් හෙළා දකින බව ලංකා ගුරු සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගම ගෙදර දිසානායක මහතා පැවසීය.

Read more ...
Write comment (0 Comments)

මාතර දිස්ත‍්‍රික්කයේ පස්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප‍්‍රදේශයට අයත් ඌරුබොක්ක ගොවිජන සේවා කොට්ඨාසයේ මහා පරිමාණ කුඹුරු ඉඩම් ගොඩකිරීමේ ජාවාරමක් කි‍්‍රයාත්මක වේ.

Read more ...
Write comment (0 Comments)

ගිනිගත්හේන පොලිස් බල ප‍්‍රදේශයේ කළු‍ගල පොල්පිටිය ප‍්‍රදේශයේ නිවසක් අඩි හැටක් පමණ ගැඹුරට පසුගිය දා ගිලා බැස්සේය. මේ සමඟම මේ අවට ඇති තවත් නිවාස කීපයක් ද ඉරිතැළීම්වලට ලක්ව තිබේ.

Read more ...
Write comment (0 Comments)

ඇඹිලිපිටිය වලව සමෘද්ධි බැංකුව සංවිධානය කරන වලව “දිවිනැගුම උදානය 2016” ප්‍ර‍දර්ශනය, හා අලෙවි සල්පිල අගෝස්තු මස 05 දින පෙරවරු 8.30 ට උඩවලව විදුහල් භූමියේදී ආරම්භ වේ.

Read more ...
Write comment (0 Comments)

එක් පසෙකින් දේශපාලනය උණුසුම් වෙමින් පවතී. අනෙක් පසින් වැඩබිම ද උණුසුම් වෙමින් පවතී. දේශපාලන භූමිය උණුසුම් වී ඇත්තේ බලලෝභී වුවමනාවන් පෙරට ගෙන ඒම වෙනුවෙනි. එහෙත් වැඩ බිම් උණුසුම් වෙමින් ඇත්තේ කම්කරුවන්ගේ ආර්ථික සහ වෘත්තීය ගැටලූ මුල්කර ගනිමිනි.
Read more ...
Write comment (0 Comments)

More Articles ...