ත‍්‍රිකුණාමලය ශ‍්‍රී ෂන්මුගා හින්දු බාලිකා විද්‍යාලය සියලූ ආගම් වලට හා සංස්කෘතීන්ට ගරු කරන පාසලක් වන බවත් එවැනි පාසලක් ඡයාරූප ගත කර සමාජ වෙබ් අඩවි හරහා වැරදි අර්ථකතනයක් දෙමින් පල කර සිදුකරන පහත් ක‍්‍රියාව සහජීවනයට බාධාවක් බව එම විදුහලේ පාසල් සංවර්ධනය සමිතිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

Read more ...
Write comment (0 Comments)

ගිරාඳුරුකෝට්ටේ, ගිරාලගොල්ල පළාතේ විදුහලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි පාසැල් ශිෂ්‍යාවක්  දුෂණය කළේ යැයි සැකපිට 18  හැවිරිදි තරුණයෙක් අද (03) උදෑසන අත්අඩංගුවට ගත් බව ගිරාඳුරුකෝට්ට පොලීසිය පවසයි.

Read more ...
Write comment (0 Comments)

අක්කර 5 කින් යුත් සිය වට්ටක්කා අස්වැන්න වෙසක් පුන් පොහෝ දිනයේ දන්සැල් දීමට ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පදිංචි  පි .ජි . ජයවීර නම් වූ තරුණ ගොවි මහතෙකු 29 වෙසක් පුන් පොහෝ දිනයේ  දන්සල් දීම  සිදු කළේය.

Read more ...
Write comment (0 Comments)

කොටගල ප්‍රදේශිය රෝහලේ හෙදියන් වැඩ වර්ජනයක යෙදුනද රෝහලේ දෛනික කටයුතුවලට බධාවක් නොවන සේ වැඩකටයුතු කරන බව දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිනිය කියයි .

Read more ...
Write comment (0 Comments)

මොළය මියගොස් ජීවිතය අහිමි වූ  කාන්තාවකගේ වකුගඩු යුගලය හා අක්මාව තවත් ජීවිතයක් සුවපත් කිරීම වෙනුවෙන්  පරිත්‍යාග කිරීමේ සිද්ධියක් බදුල්ල මහ රෝහලෙන් අසන්නට ලැබේ.

Read more ...
Write comment (0 Comments)

ඊයේ (02)හවස කෙක්කෙන් පොල් කැඩීමට උත්සහා කළ  දඹුල්ල- පන්නම් පිටිය කිරලැස්ස ප්‍රදේශයේ  අඹු සැමි යුවලක් විදුලි සැර වැදි මිය ගොස් ඇති බවත්  ඔවුන්  පොල් කඩමින් සිටි    කේක්ක විදුලි රැහැනට පැටලී විදුලි සැර වදින්නට ඇතැයි පොලිසිය සැක කරයි.

Read more ...
Write comment (0 Comments)

නුවරඑළිය නගර සීමාවේ පානීය ජලය පිරිසිදු කිරීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමට නුවරඑළිය මහ නඟර සභාව නිරතුරුවම කටයුතු කරන බව නුවරඑළිය නාගරික කොමසාරිස් කේ.එම්.එච්.ඩබ්ලියු.බණ්ඩාර මහතා පැවසීය.

Read more ...
Write comment (0 Comments)

More Articles ...