2019 ලෝක කුසලාන තරගාවලියේ 18 වැනි තරගය අද (13) නොටින්හැම් ට්‍රෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංගනයේදී දිවා තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබුනද වර්ෂාව නිසා මේ වන විටත් ආරම්භ වී නැත.ඒ මේ වනවිට තරගාවලියේ ඉතිරි වී සිටින අවසන් අපරාජිතයන් වන නවසීලන්තය හා ඉන්දියාව අතරය.
ඕස්ටේ්රලියාව දෙවන තැනට
2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාලියේ ඊයේ (12) පැවති තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 41 ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේ්රලියාව සමත් වූ අතර ඔවුන් ලබාගත් ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු 6 ක් ලබාසිටින ඕස්ටේ්රලියාව ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්විය.
ශ්‍රී ලංකාවට කඩුලු 10 ක දරුණු පරාජයක්
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (1 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට නවසීලන්තය සමත් විය.
ස්කොට්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 35 ක ජයක්
ලෝක කුසලානයට පෙර පැවති පෙරහුරු තරඟයකදී ස්කොට්ලන්තයට එරෙහිව එඩින්බරෝහි පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 35 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (21) සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 322 ක් ලබාගත් අතර නුවන් ප්‍රදීප් ලකුණු 34 කට කඩුලු 4 ක් බිඳහෙළමින් එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතරත විය.
ස්කොට්ලන්ත ඉනිමේ 27 වැනි පන්දුවාරය නිමාවීමත් සමග වර්ෂාව හේතුවෙන් තරගය අතරමග නතර කර වර්ෂාව අවසන් වී නැවත තරගය ආරම්භ කරන විට ස්කොට්ලන්ත ඉනිම පන්දුවාර 34 කට සීමා වූ අතර එහිදී ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 235 ක නව ඉලක්කයක් හිමිවිය.
ළහිරු තිරිමාන්න හයවැනි පිතිකරු ලෙස පිටියට පිවිස හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.
ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක දිමුත් කරුණාරත්න (77) සහ අවිෂ්ක ප්‍රනාන්දු (78) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 133 කදී ලකුණු 123 ක සම්බනධතාවක් ගොඩනැගීමට සමත් වූහ.
පන්දු 88 කදී වාර්තා වූ දිමුත්ගේ දෙවැනි එක්දින අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 78 කදී වාර්තා වූ අවිෂ්කගේ මංගල එක්දින අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය
මාලිංගගේ අවසන් පන්දු ඕවරයෙන් මුම්බායි ඉන්දියන්ස් ශූරතාව දිනයි
ඉන්දියන් ප්‍රිමියර් ලීග් 2019 අවසන් මහ තරගය හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි අන්තර් ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ (12 ) පැවැති අතර එහිදී චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
මුම්බායි ඉන්දියන්ස් අවසන් මහා තරගයට
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (7 වැනිදා) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.ඒ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.
ප්‍රථම වරට එම්.සී.සී. සභාපති පදවිය බ්‍රිතාන්‍යයකු නොවන සංගක්කාරට
වසර 232 ක ඉතිහාසයක් ඇති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට පත්වූ පළමු වැනි බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් පත්වීමට නියමිතය.
සර්වකාලීන ලෝක කුසලාන කණ්ඩායමට සංගා සහ මුරලි ඇතුලත් කරයි
‘ක්‍රික් ඉන්ෆෝ’ වෙබ් අඩවිය විසින් 1975 සිට මේ දක්වා පැවැති ලෝක කුසලාන තරගාවලි අතරින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරාගෙන ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රීඩකයින් වන කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් ඇතුළත්ව සිටිති. එම ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වය පාකිස්තානයේ වත්මන් අගමැති ඉම්රාන් ඛාන් ලෙස නම්කර ඇත.
2018 කණිෂ්ඨ ආසියානු පදක්කම් ලාභීන් ජනපතිගේ ඇගයීමට
2018 ජූනි මාසයේදී ජපානයේ ජීෆු නගරයේ පැවති 2018 කණිෂ්ඨ ආසියානු කී‍්‍රඩා උළෙලේ පදක්කම් ලාභී ශ්‍රී ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඊයේ (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා හමුවිය.