එතෙක් මෙතෙක් ක්රිකට් ක්රීඩාවේ පිතිකරුවකු ඉනිමකදී ලැබූ වැඩිම ලකුණු ප්රමාණය වන ලකුණු 1009 ක් ලබාගෙන ලෝක වාර්තාවක් තැබීමට 15 හැවිරිදි ඉන්දීය යොවුන් ක්රීඩක ප්රනාව් ධනවාද් සමත්ව ඇත.
කේ.සී ගාන්ධි පාසල නියෝජනය කරමින් HT Bhandariකුසලාන අන්තර් පාසල් තරගාවලියේදී ඔහු මෙම දක්ෂතාව දැක්වීමට සමත්විය.
මිනිත්තු 395ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් හයේ පහර 59 ක් හා හතරේ පහර 129ක් එල්ල කරමින් ඔහු මේ ලකුණු 1009 ලබාගත් අතර එහිදී බිඳ වැටුණේ මීට වර්ෂ 116කට පෙර එනම් 1899 දී ආතර් කොලින්ස් නම් ක්රීඩකයා තබා තිබු ලකුණු 628 ලෝක වාර්තාවය.