ශූරයන්ගේ කුසලානයට සහභාගි විමට තීරණය කරයි

ක්‍රීඩා

2017 ශූරයන්ගේ කුසලාන තරගාවලියට ඉන්දියාව සහභාගි විම අවිනිශ්චිතව තිබෙන මොහොතක ඊයේ(08)රැස්වූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අනුබද්ධ ක්‍රිකට් සංගම් ඒකමතිකව තීරණය කර ඇත්තේ ශූරයන්ගේ කුසලාන තරගාවලියට ඉන්දියාව සහබාගි විය යුතු බවයි.

හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් මෙලෙස ඉන්දියාව මුදල් ඇපයට තබාගනිමින් ශුරයන්ගේ කුසලාන වර්ජනය කිරීමට ගෙන තිබු තීරණයට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තදබල විවේචනය කළේය.

ඊයේ තීරණයත් සමඟ මේ අනුව නියමිත දිනයට දෙසතියක් ප්‍රමාද වී ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නම් කරීමටඊයේ(08) ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේය.
ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් නම් කිරීමේ පසුගිය අප්‍රේල් 25 වැනිදා අවසාන් විය.
නමුත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී තමන්ට ලැබෙන මුදල් කොටස පිළිබඳ තීන්දුව ලැබෙන තුරු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණයක් නොගෙන සිටි අතර අවසානයේ තමන්ට ලැබෙන කොටස පිළිබඳ අප්‍රසාදය පළ කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශුරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත්වන පැවසිය.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලෝකයේ වඩාත්ම ධනවත් ක්‍රිකට් පාලක මණ්ඩලය වන නිසා මෙලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව තුල කේවල් කිරීමේ බලය හිමිවී ඇති බව ක්‍රිකට් විචාරකයන්ගේ මතයයි.ශුරයන්ගේ කුසලානයේ වත්මන් හිමිකරුවන් වන්නේද ඉන්දියාවයි.

ශූරයන්ගේ කුසලාන ඉන්දීය සංචිතය
විරාට් කෝලි (නායක), ෂිකාර් ධවාන්, රෝහිත් ෂර්මා, අජින්ක්‍යා රහනේ, මහේන්ද්‍ර සිං දෝනි, යුවරාජ් සිං, කේදර් ජාදව්, හාර්දික් පාණ්ඩ්‍යා, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජදේජා, මොහොමඞ් සාමි, උමේෂ් යාදව්, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රීට් බුම්රා සහ මනීශ් පාණ්ඬේ
වරණ කොමිසමේ සභාපතිට දැනුම් දෙයි

Latest Posts