ශ්‍රී ලංකාවට අද පළමු තරඟය ප්‍රබල අබියෝගයක්

ක්‍රීඩා

චැම්පියන්ස් කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය අද දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමඟ පැවැත්වෙන මෙම තරඟය උපුල් තරංග විසින් නායකත්වය දරනු ඇත.දකුණු අප්‍රිකාණු කණ්ඩායමේ නායකත්වය ඒ බී ඩිවිලයස් විසින් හොබවයි.

නායක ඇන්ජලෝ මැතිව්ස් කායික ආබාධයකට ලක්වීම නිසා අද තරඟයට සහබාගි නොවන අතර ලසිත් මාලිංග ද 2015 වසරෙන් පසු අද ප්‍රථම වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් දින පිටියට අවතීරණය වෙයි.

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේදී සිය පුහුණුවීම් කටයුතු වල නිරත විය.
ශ්‍රී ලංකා පිල මෑත කාලය පුරාම අන්තර්ජාතික එක්දින ක්‍රිකට් පිටියේ දැඩි පසුබෑමකට ලක්වීම නිසා ශ්‍රේණිගත කිරිීම්වලින් පවා පහතට වැටී තිබිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ එක්දින තරග 15 න් තරග 9 ක්ම පරාජය වී තිබු අතර තරග 4 ක් පමණක් ජයගෙන තරග දෙකක් විසඳුමකින් තොරව නිමාවීය.

මේ අතර දකුණු අප්‍රිකානු පිලේ පසුගිය තරඟ 15 න් තරඟ 11 ක් ජයගෙන තරග 4 ක පමණක් පරාජය වී ඇත.එසේම එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 හිමිකරගෙන ඇති දකුණු අප්‍රිකානුවන් පසුගිය 2016 ජූනි 24 සිට 2017 පෙබ: 19 දක්වා සහභාගි වූ එක්දින තරඟ13 ම ජයගෙන තිබේ.
එනිසා ශ්‍රීලංකා කාණ්ඩායමට දකුණු අප්‍රිකාව ප්‍රබල අභියෝගයක් වනු ඇත.දෙපිලේම පළමු තරඟය වන්නේ මෙම අද පැවැත්වෙන තරඟයයි.සෑම කණ්ඩායමකටම සිය පළමු තරඟය ජය ගැනීම ලොකු ශක්තියකි.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද සවස 3.00ට ආරම්භවන මෙම තරඟය B කාණ්ඩය යටතේ පැවැත්වෙන තරඟයකි.

Latest Posts