එංගලන්තය මුලින්ම අවසන් පූර්ව වටයට

ක්‍රීඩා

ICC ශූරයන්ගේ කුසලානයේ ඊයේ පැවති තරඟයෙන් නවසීලන්තය ලකුණු 87 කින් පරාජය කරමින් එංගලන්තය ජය හිමිකර ගත්තේ අවසන් පූර්ව තරඟයට ඔවුන් සුදුසුකම් ලබමිනි.

මේ අනුව ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම ලෙස එංගලන්තය නම්වෙයි.
B කාන්ඩයෙන් තරඟ වැදුණු එංගලන්තය ඔවුන් මුහුණ දුන් තරඟ දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු 4 ක් ලබාගෙන සිටියි.

නවසීලන්තය සමඟ ඊයේ පැවති තරඟයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 49 යි පන්දු 3ක දී සියලු දෙනා දැවී ලකුණු 310 ක් රැස්කල අතර නවසීලන්තය පන්දුවාර 44 යි පන්දු 3 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 223 ක් පමණි.

Latest Posts