ශ්‍රී ලංකා කණ්ඩායමට යලි එන්න මැතිව්ස් සංගක්කාරගෙන් ඉල්ලයි!

ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ වැටි තිබෙන පරාජිත තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රීලංකා කණ්ඩායම හා සම්බන්ද වන ලෙස හිටපු නායකයකු වන කුමාර් සංගක්කාරගෙන් ඉල්ලා සිටි බව නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
මෙම ඉල්ලීම මැතිව්ස් විසින් කර ඇත්තේ නිල නොවන ඉතාමත් සුහද ලෙස

බවද පැවසේ.කෙසේ නමුත් මේ දිනවල එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියේ සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර සංගක්කාර වාර්තා පිට වාර්තා තබමින් ලකුණු අතර සිටියි.මෙම යෝජනාව මැතිව්ස් විසින් විහිලුවට,සුහදව කලද ශ්‍රී ලංකා සියලු ක්‍රීඩා ලෝලීන්ගේ සැබෑ ඉල්ලීමද මෙයයි.කෙසේ උවද කිසිදු ලෙසක මෙම ඉල්ලීම සංගක්කාර විසින් බාරගනු ඇතැයි පැවසිය නොහැක.

මැතිව්ස් ගේ ඉල්ලීම තුල මෙසේද සඳහන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
“මම හැම තිස්සෙම එයාගෙන් එහෙම අහන්න පෙළඹෙනවා. මේ දැන් දවස් දෙකකට ඉස්සරවෙලාත් මම එයාගෙන් ඇහැව්වා අනේ ඇවිත් මේ තරගයටවත් ක්‍රීඩා කරලා යනවාද කියලා....එයා හොඳින්ම ලකුණු අතර ඉන්නවා. අවංකවම කියනවා නම් එයා ක්‍රිකට් ගහන්න ගත්ත දවසේ ඉඳන්ම ලකුණු අතර තමයි ඉන්නේ” යයි ලන්ඩන් ඕවල් පිටියේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ඇන්ජලෝ මැතිව්ස් පැවසු බව මාධ්‍ය සඳහන් කරයි..

Latest Posts