‘හෝල් ඔෆ් ෆේම්’ ICC ඉහළම සම්මානය මුරලිට

ක්‍රීඩා

ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ඊයේ(08) එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවති ඉන්දු – ශ්‍රී ලංකා තරගය අතරතුරදී, ඕවල් ක්‍රීඩාංගනයේ දීම ICC ය විසින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම සම්මානය වන ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානය මුත්තයියා මුරලිදරන් හට පිරිනැමුවා.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සිය ජීවිත කාලය පුරාවට ලබා ගත හැකි ඉහළ ම ගෞරව නාමය වන්නේ ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයයි.මෙම සම්මානයෙන් පිඳුම් ලැබූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේද මුත්තයියා මුරලිදරන් පමණි.

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ඉතිහාශය පුරාවට කඩුලු 800ක් ලබාගත් ලොව ප්‍රථම සහ එකම පන්දු යවන්නා වෙයි.
මුරලිදරන් එක් දින කඩුලු 534ක් දවාගෙන ඇති අතර 20යි 20 තරංග වල ලබාගෙන ඇති කඩුලු ගණන 13කි.ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 19 ක් පුරාවට සිය දායකත්වය උපරිමයෙන් ලබාදී ඇති මුරලිව අන්තර්ජාතික විස්තර විචාරකයින් හදුන්වන්නේ ලෝක ක්‍රිකට් වංශ කතාව තුළ එදා මෙදා බිහි වූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙසය.මුරලි සම්මානයෙන් පිදුම් ලබන අවස්ථාවට වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමද එක්ව සිටීම විශේෂ දසුනක් විය.

janahada

Latest Posts