ශූරයන්ගේ කුසලාන 11,12,වැනිදා තරඟ දෙක තීරණාත්මකයි

ක්‍රීඩා

ඉන්දීය කණ්ඩායම කඩුලු 7කින් පරාජය කළ ශ්‍රී ලංකා පිල ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගවලියේ ඉදිරියට යාමේ බලාපොරොත්තුව ක්‍රීඩකයන්ගේ පමණක් නොව ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලින්ගේද ඇතිකළ අතර ලබන 12වැනිදා පාකිස්තානය පරාජයට පත්කල හොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට යෑමට අවස්ථාව ලැබෙයි.

ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 6කට ලබාගත් ලකුණු 321 ලබා ගැනීමත් සමඟ ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු යම් දුරකට සුන්වී ගියේය.අනතුරුව ලකුණු 321 හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, දික්වැල්ල ලකුණු 7කට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 11ක් වීමත් සමඟ තවත් අවිනිශ්චිත විය.

අනතුරුව ධනුෂ්ක ගුණතිලකට එක්වූ මෙන්ඩිස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉදිරියට රැගෙන ගියේ ශ්‍රී ලංකාවේ පළමු බලාපොරොත්තුව ඇති කරමිනි.
ධනුෂ්ක ගුණතිලක - දුවද්දී දැවී ගියා 76,කුසල් මෙන්ඩිස් - දුවද්දී දැවී ගියා 89,කුසල් ජනිත් - පිටියෙන් ඉවත් වුණා 47,ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී 52,අසේල ගුණරත්න - නොදැවී 34,ලබාගනිමින් ලංකා පිල කඩුලු 3ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසුකරමින් මෙම අති විශිෂ්ට ජයග්‍රහණය අත්කර ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊයේ ජයග්‍රහණයත් සමග ‘බී’ කාණ්ඩයේ ඉතිරි තරඟ දෙක අර්ධ අවසන් පූර්ව තරඟයට සුදුසු කම් ලැබී මේ තරඟ දෙකක් ලෙස පැවැත්වෙයි. ලබන 11 වැනිදා පැවැත්වෙන ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් සහ ලබන 12 වැනිදා පැවැත්වෙන පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබයි.

Cha 3

Cha 4

Cha 2

Cha 1

Latest Posts