ඉන්දියානුවෝ පළමු දිනයේම 344-(පළමු තරඟයේත් පළමු දින 399)

ක්‍රීඩා

අද ආරම්භ වූ දෙවන ලෙස්ට් තරඟයේදී ඉන්දියානුවෝ ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පළමු දිනය අවසන් වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 344 ක් ලබා ගත්හ.පළමු ටෙස්ට් තරඟයේදී ද ඉන්දියාව පළමු දිනයේදීම ලකුණු 399 ක් ලබා ගත්තේය.


ඉන්දියාවේ බිඳ වැටුණ කඩුලු තුනෙන් දෙකක් පළපුරුදු දඟ පන්දු යවන්නන් වන රංගන හේරත්ට සහ ඩිල්රුවන් පෙරේරාට හිමිවූ අතර අනෙක දුවද්දී දැවී යාමකි.  
සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 211 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවා සිටි චෙටේස්වාර් පුජාරා (නොදැවී 128) සහ අජින්ක්‍යා රහනේ (නොදැවී 103) ලබාගෙන ක්‍රීඩා කරයි.පිට පිටම දෙවැනි තරගයේදීත් ශතකයක් ලබාගැනීමට චෙටේස්වාර් පුජාරා සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මාලින්ද පුෂ්පකුමාර ටෙස්ට් වරම් දිනාගත් අතර ඔහු ශ්‍රී ලංකාවේ 141 වැනි ටෙස්ට් ක්‍රීඩකයා වෙයි. වෙනස්කම් තුනක් සමගින් පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා නැවතත් කැඳවාඇත. 

ඉන්දියාව - පළමු ඉනිම 

ෂිකාර් ධවාන්        - 35

ලෝකේෂ් රාහුල් - 57

චෙටේස්වාර් පුජාරා - නොදැවී 128

විරාට් කෝලි - 13

අජින්ක්‍යා රහනේ - නොදැවී 103

අතිරේක 8එකතුව ඕවර 90 කදී කඩුලු 3 ක් දැවී 344

පන්දු යැවීම

නුවන් ප්‍රදීප්            17.4-2-63-0

රංගන හේරත්   24-3-83-1

දිමුත් කරුණාරත්න   3-0-10-0  

ඩිල්රුවන් පෙරේරා 18-2-68-1  

මාලින්ද පුෂ්පකුමාර 19.2-0-82-0

 ධනංජය ද සිල්වා     8-0-31-0

Latest Posts