ඉඩෝරය නිමවී වැසි පොදක්-ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

ක්‍රීඩා

ඉන්දියාවේ ධර්මසාලාහිදී ඊයේ  (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිකර ගත් ශ්‍රී ලංකාව තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට හැකි විය. පිට පිට එක්දින තරග 12 ක් පරාජයට පත්වි සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග ජය ගැනීම ඉමහත් සැනසිල්ලක් වනු ඇති බව ක්‍රිකට් විචාරකයින් පවසයි.


ඉන්දියාව පන්දු  ඕවර් 38.2 කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වුවේ ලකුණු 112 පමණි.ඉන්දීය කදුළු 5 ක් දැවී ගියේ ලකුණු 13 කදීය.එය ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමේ පළමු කදුළු 5 අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය අවස්ථාව ලෙස ඉතිහාශගත වේ. මිට පෙර ඉන්දීය කණ්ඩායම මුල් කදුළු 5 ලකුණු 14 කට දවිගියේ සිම්බාබේ කණ්ඩායම හමුවේය.ඊයේ තරඟයේදී  ලකුණු 65 ක් රැස්කරමින් පන්දු 87 කදී වාර්තාවූ දෝනිගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් විය.එය නොවන්නට ඉන්දීය කණ්ඩායම අන්ත පරාජයකට ලක්වනු ඇත.

2017 වසර තුළඳී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් තරග 7 කට සහභාගීවි ඇති මහේන්ද්‍ර සිං දෝනි අර්ධ ශතක 4 ක් සමගින් ලකුණු 351 ක් (63, නොදැවී 45, නොදැවී 67, නොදැවී 49, නොදැවී 1, නොදැවී 61, 65) රැස්කරගෙන ඇති අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 175.5 කි.  
සුරංග ලක්මාල් පිට පිට ඕවර දහයම යවමින් ලකුණු 13 කට කඩුලු 4 ක් දවාගත් අතර ඊට නිලකුණු ඕවර 4 ක්ද ඇතුළත් විය.

ජයග්‍රහණය සදහා ලකුණු 113 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20.4 කදී කඩුලු 3 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය. තරගයේ ජයග්‍රහණය වාර්තා කරනවිට පන්දුවට පහරදෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25 ක් සහ නිරෝෂන් දික්වැල් ලකුණු 26 ක් ලබාගනිමින් සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 49 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත්විය.
ඉන්දීය කණ්ඩායම ලබාගෙන ඇති අඩුම 3 වන ලකුණු ප්‍රමාණයද මෙය වෙයි.

sri

lankadeepa chart

janahada

Latest Posts