ආනා අප අතරින් නික්ම යයි...

ක්‍රීඩා

රන්ජන් ආනන්දප්පා හෙවත් රන්ජන් ආනා අප අතරින් නික්ම ගියේය.සන්ඩේ ඔබ්සර්වර් පුවත් පතේ ක්‍රීඩා මාධ්‍යවේදියකු ලෙස සේවය කරමින් සිටියදී කලක් අසනීප තත්ත්වයෙන් පෙලුනු ඔහු මිය ගියේ 69 හැවිරිදි වියේ පසු වද්දීය.


ක්‍රීඩා මාධ්‍ය සගයකු ලෙස දිගු කලක් අප සමග විටින් විට එක්වූ ඔහු ක්‍රිකට් ගැන කතා කරන හා ලියන අප රටේ ක්‍රීඩා මාධ්‍ය කරුවන් අතර ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ අල්පයකින් එක් අයකු විය.
ඔහු ඉතාම නිහඩ චරිතයක් වුවද ක්‍රිකට් ගැන කතාවට හොද කතා කරුවකු වූයේ එයට කොහෙන් හෝ හාස්‍යයක් එක් කිරීමේ සමතකු ලෙසිනි.
ඔහු ඉතා හොද ගායකයකුද විය.
ඔහුගේ ගී ගුවන් විදුලියේ සරල ගී මගින්ද ශ්‍රවනය කල හැකි විය.
ඒ අතර ක්‍රිකට් ගැනම ලියවුනු අපූරු ඉන්ගිරිසි ගීයක්ද තිබින.
ආනා කා සමගත් කිසිදු ආරෝවක් නොවූ අහින්සකයකු වූ අතර මාධ්‍යකරනයට අමතරව ක්‍රිකට් විනිසුරු වරයකු ලෙසද කටයුතු කලේය.
1996දී ඉන්දියාවේ හයිද්‍රාබාදහි පැවැති සාක් මාධ්‍ය ක්‍රිකට් තරගාවලියට මගේ නායකත්වයෙන් ගිය ශ්‍රී ලන්කා මාධ්‍ය පිලේ ආරම්භක පන්දු යවන්නා වූයේ ආනාය.
වමතින් මද වේග පන්දු යවන්නකු වූ ඔහු පාසල් අවදියේ ද මැසනද් හා කොළඹ ආනන්ද විදුහල් ක්‍රිකට් කන්ඩායම් නියෝජනය කලේය.
අප කවුරුත් මෙලොවට එන්නේ කෙදිනක හෝ ආපසු යාමටය.එය කවදා කෙලෙස සිදු වන්නේද යන්න කීමට කිසිවකුට නොහැකිය.
හිතවත් ආනා ඔබ ඔබේ වාරය ඒ අනුව රැගෙන ඇත.
ඉතිරි වන්නේ මතක සටහන් පමනි.
ඔබට මොක් සුව පතමු..!

රන්ජන් පරණවිතාන

janahada

Latest Posts