ජනාධිපති රන් කුසලාන ‘ඩයලොග්’ වොලිබෝල් තරගාවලිය 18 දා

ක්‍රීඩා

මෙවර ජනාධිපති රන් කුසලාන ‘ඩයලොග්’ වොලිබෝල් තරගාවලියේ අවසන් තරග මෙම දෙසැම්බර් 18 දා පෙ.ව 8.30 සිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වයි. කණ්ඩායම් 4000 කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලියේ මූලික වටයේ තරග දිස්ත්‍රික් මට්ටමින් ද පැවවිනි. තරගාවලිය විවෘත පිරිමි - කාන්තා සහ වයස අවු 22න් පහළ (ආධුනික) පිරිමි සහ කාන්තා වශයෙන් පැවැත්විණ.



දිස්ත්‍රික් මට්ටමින් සුදුසුකම් ලැබූ අවසන්  කණ්ඩායම් 100ක් තෝරාගත් අතර එම තරඟ පසුගිය සති අන්තයේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී  පැ 18 දාවැත්වෙන විවෘත පිරිමි අවසන් තරගය සඳහා නාත්තණ්ඩිය යුනයිටඞ් ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ කටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජ කණ්ඩායම සුදුසුකම් ලබාසිටින අතර කාන්තා අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ඇත්තේ සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජ සහ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයයි.

එසේම  ආධුනික (වයස අවු 22න් පහළ) තරගාවලියේ පිරිමි අංශයෙන් හුංගම විජයබා ක්‍රීඩා සමාජය සහ හලාවත ඒකාබද්ධ ක්‍රීඩා සමාජය සුදුසුකම් ලැබූ අතර කාන්තා අවසන් තරගය සඳහා කුරුණෑගල කැෂුවලයින් ක්‍රීඩා සමාජයත් ගලිගමුව සිරි පැරකුම් ක්‍රීඩා සමාජයත් සුදුසුකම් ලබා සිටියි.

තරගාවලියේ අවසන් තරග සහ ජය සංකේත ප්‍රදානය පෙ.ව මෙම 18 දා ප.ව 4.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

අවසන් තරග සඳහා තරඟ කාල සටහන

■ වයස අවු 22න් පහළ කාන්තා අවසන් තරගය
කුරුණෑගල කැෂුවලයින් ක්‍රී.ස සහ ගලිගමුව සිරි පැරකුම් ක්‍රී.ස අතර තරග පෙ.ව 8.30ට

■ වයස අවු 22න් පහළ පිරිමි අවසන් තරගය
හුංගම විජයබා ක්‍රී.ස සහ හලාවත ඒකාබද්ධ ක්‍රී.ස අතර තරගය පෙ.ව 10.30ට

■ විවෘත කාන්තා අවසන් තරගය
සියඹලාගොඩ කපිල ක්‍රී.ස සහ කොස්වාඩිය විජය ක්‍රී.ස අතර තරග ප.ව 1.00ට

■ විවෘත පිරිමි අවසන් තරගය
නාත්තණ්ඩිය යුනයිටඞ් ක්‍රී.ස සහ කටාන ඒකාබද්ධ ක්‍රී.ස අතර තරගය ප.ව 3.00ට

janahada

Latest Posts