විනෝජ්,සුගත් සහ මීටර් 200

ක්‍රීඩා

විනෝජ් සුරංජය මීටර් 200 ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරයා විය.ඒ දශක දෙකක් සුගත් තිලකරත්නගේ නමට පැවති වාර්තාව බිඳ දමමින්ය.කාලයකට පස්සෙ ක්‍රීඩාවේ දෝමනස්ස පසෙකලා කතා කරන්නට මාතෘකාවක් ලබා දෙන්නට සුරංජයට හැකි වීම අපූරුය.

විනෝජ් සුරංජයගේ ජයග්‍රහනය තනිව ආ එකක් නොවේය.එහි සිව් දෙනෙක් සිටින වග භාතිය අර්ථනායක පෙන්වා දෙන්නේය.ඔහු විනෝජ්ගේ අභිප්‍රේරකයාය.විමුක්ති පුහුණුකරු වන අතර ඊට අමතරව විනෝජ්ගේ පසුපසින් භෞත චිකිත්සකයෙකු මෙන්ම පෝෂනවේදියෙකුද සිටින්නේය.මීට තවත් එකතු කරන්නේනම් විනෝජ්ව රැක බලා ගන්නා හෙල ක්ලෝතින් ආයතනයද ඇතුළත් විය යුතුය.ආර්ථික සැඩ පහරට හසුව අපේ ක්‍රීඩා පිටියෙන් ගසාගෙන යන ජීවිතවලට අත්වන ඉරණම විනෝජ්ට අත් නොවන්නේ ඒ රැකියාව නිසාය.
විනෝජ් කාලයත් සමඟ ක්‍රීඩකයෙකුගේ හැකියාවන් ප්‍ර වර්ධනයට අවශ්‍යය කණ්ඩායමක් සමඟ පෙරට ආවත් සුගත්ට එදා සිටියේ අනුර බණ්ඩාර පමණි.ඒ සුගත්ගේ පුහුණුකරුය.එසේ දැඩි දුෂ්කරතා ඉවසමින් ඒවා පරාජය කරමින් සුගත් තැබූ වාර්තාව බිද දමන්නට වසර 20 ක් ගත වීමෙන් පැහැදිළිවන්නේ සුගත් තුළ තිබූ හැකියාවය.නැතිනම් අපට කිසිවක්ම නැතිව යමක් කළ හැකිව තිබූ විභවයන් වඩාත් විද්‍යානුකූල තලයකට පිවිස තිබෙන බවය.ඒවා මෙහෙයවීම නිවැරදිව සිදුවන්නට කාලයක් ගත වී තිබෙන බවය.
සුගත් මේ වාර්තාව තබන්නේ 1998 දී ආසියාතික තරඟාවලිය බැංකොක් හි පැවති මොහොතේ එම අවසාන පූර්ව වටයට තරඟ වදිමින්ය.ඔහු ජාතික වාර්තාව තැබුවද අවසාන තරගයට පිව්සෙන විට ඔහු සිටියේ හොදම කාලය වාර්තා කර තිබූ අයගේ ලේඛණයේ සිව්වන තැනටය.නමුත් සුගත්ගේ කාලය වැඩිවීම වෙනුවට අවසාන තරඟයේදී තත්පර 20.69 සිට 20.83 දක්වා පහතට පැමිණිය ද අවසාන තරඟයේ වේගයන් අතරින් සුගත්ට තෙවැනි තැන හිමි විය.
එයින් මතු මීටර් 200 ආසියානු තරඟාවලියක පදක්කමක් අසළට එන්නට ශ්‍රී ලංකාවට හැකි වී නැත.ඒ නිසාම 2018 අගෝස්තුවේ ජාකර්තා නුවර පැවත්වෙන ආසියානු තරඟාවලිය පෙනි පෙනී විනෝජ් ලබන ජය විශාල බලාපොරොත්තුවක්ය.එ් බලාපොරොත්තුව ඉටු කර ගන්නටනම් තවත් තත්පර දශම ගණනක තල්ලුවකට විනෝජ් සිය කණ්ඩායම සමඟ සූදානම් විය යුතුය.
ඒ සමඟම සුගත් හා විනෝජ්ගේ පුහුණුකරුවන් හොද මලල ක්‍රීඩකයන් ලෙස ඉතිහාසයක් ඇති අය නොවේය.නමුත් ඔහු හොද මලල ක්‍රීඩා පුහුණුකරුවන්ය.වේගය නූපදින සිරුරුවලට වේගය උපද්දන හැටි උගන්නන්නට පුළුවන් බව මේ පුහුණුකරුවන් පෙන්වා දී ඇත.බයිසිකලයක් පදින්නට තැපෑලෙන් උගන්නන්ට බැරි බව කියමන බොරු කළ හැකිය.එය විද්‍යාත්මකව පදින්නේ කෙසේද යන්න පිළිබඳව කෙනෙකුට ලියා යැවිය හැකි නොවේද? එය භාවිතයට ගන්නාට ඒ සියලු ආනතියන් සළකමින් හොද උත්සාහයක නිරත වෙන්නට බැරිකමක් නැත.
එවැනි තර්කයක් ගොඩ නැගෙද්දි දශමයෙන් දශමය සළකා බලන්නට විනෝජ් ළඟ උපදේශකයන් රැසකි.එසේනම් ඒ උපදේශකයා ඒ දේ කර තිබේද යන්න කිසිවෙකුවත් සිතිය යුතු නැත.ඔහුට ඒ දේ විනෝජ්ට අවධාරනය කරන්නට හැකිනම් සහ විනෝජ් එය ධාරණය කර ගන්නේනම් ප්‍රතිපලය හොදවනු ඇත.මේ සිදු වී ඇත්තේද එම හොදය.
නමුත් යමක් ලිවිය යුතුව ඇත.උඹ දිනීමෙන් සතුටට පත් වීම උඹේ ගමනේ දිගුව කෙතරම්ද යන්න තීරණය කරනවා ඇත.ඒ නිසා අනුන්ට රිදවන්නට දිවිමෙන් උඹේ කාලය කෙටි විය හැකිය.දිගු කාලයක් කෙටි කාලයකින් තරග නිමා කරන විනෝජ් කෙනෙක් රටට සහ රටේ ක්‍රීඩාවට අවශ්‍යයව තිබේ.එය ධාරනය කර ගන්න.

-නිශ්මන් රණසිංහ

Latest Posts