පොදු රාජ්‍ය මණ්ඩලීය පදකම් දිනූවන්ට “සයුරපුර” නිවාස

ක්‍රීඩා

පසුගියදා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී නිමාවූ 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ශ්‍රීලාංකික  ක්‍රිඩක ක්‍රිඩිකාවන් 06 දෙනෙකු සඳහා අඟුලාන “සයුරපුර” මහල් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දීම පසුගියදා ජනාධිපති වරයා  සහ අග්‍රාමාත්‍ය රවරයාගේ  ප්‍රදානත්වයෙන් සිදු කෙරුණි.


එම ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කර ඔවුන්ගේ ඉදිරි ක්‍රිඩා කටයුතු ශක්තිමත් කර ගැනීම උදෙසා මෙම නිවාස ලබා දීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබුණි.

ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් දිනූ, චතුරංග ලක්මාල්, ඉෂාන් බණ්ඩාර, අනුෂා දිල්රුක්ෂි, ඉන්දික චතුරංග, තිංවක සඳරුවන් හා දිනුෂා හංසනි යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මෙලෙස නිවාස ප්‍රදානය කෙරිණි.

janahada

Latest Posts