ප්‍රථම වරට එම්.සී.සී. සභාපති පදවිය බ්‍රිතාන්‍යයකු නොවන සංගක්කාරට

ක්‍රීඩා

වසර 232 ක ඉතිහාසයක් ඇති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට පත්වූ පළමු වැනි බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් පත්වීමට නියමිතය.


මේ අනුව කුමාර සංගක්කාර මහතා ඔක්තෝබර් මස 1 වැනිදා සිය තනතුරේ වැඩ බාරගැනීමට නියමිතය.

මෙය සිදුවුවේ මැයි මස 1 වැනිදා (ඊයේ) පැවැති මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී වත්මන් සභාපති ඇන්තනි රෙෆර්ඩ් මහතා විසින් කුමාර් සංගක්කාර මහතා කී‍්‍රඩා සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් නම් කිරීමත් සමඟය.

මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජය (එම්.සී.සී) සමඟ කුමාර් සංගක්කාර දිගින් දිගටම සම්බන්ධව සිටි අතර කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරතව සිටියදී පවා (වසර 2011 දී) කොලින් කවුඩ්රි අනුස්මරණ දේශනයට කළ අතර එයද එංගලන්ත ජාතිකයෙකු නොවන කෙනෙකුට ලබාදුන්නේ සංගක්කාර ටය

සංගක්කාර මහතා 2012 වසරේ සිට මාර්ලිබෝන් කි‍්‍රකට් (එම්.සී.සී) කී‍්‍රඩා සමාජයේ යාවජීව සාමාජිකයකු ලෙස පිළි ගැණිනි.
සංගක්කාර මේ පිලිබඳ අදහස් දක්වමින්
”එම්.සී.සී. කී‍්‍රඩා සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් නම්කරනු ලැබීම අති විශාල ගෞරවයක්. මම ඒ අවස්ථාව ලැබෙනකම් බලාගෙන ඉන්නවා. මම හිතන විදිහට නම් එම්.සී.සී. කියන්නේ ලෝකයේ තියෙන විශිෂ්ටතම කී‍්‍රඩා සමාජයයි. ලෝකය පුරාම සිටින දෙනා ඒ දෙස බලා සිටිනවා වගේම කි‍්‍රකට් කී‍්‍රඩාවේදී සහ ඉන් පිටතදීත් එම්.සී.සී. කී‍්‍රඩා සමාජය අත්කරගෙන තිබෙන ප‍්‍රගතිය අති විශාලයි”

”කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් 2020 ඉතාමත් වැදගත් වසරක් වේවි. විශේෂයෙන්ම ලෝඩ්ස්හිදී. එම්.සී.සී. සභාපතිවරයා වශයෙන් ඒ සඳහා කිසියම් දායකත්වයක් දැක්වීමට ලැබීම පිළිබඳ මට ඇත්තේ අති විශාල සතුටක්” යයිද කුමාර් සංගක්කාර පැවසීය.

සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන අවදියේ ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේ නම රැන්දූ කී‍්‍රඩකයන්ගේ නාමපුවරුවට සංගක්කාර දෙවතාවක්ම ඇතුළත් වූයේය. 2014 දී ලෝඩ්ස් පිටියේ පැවැති ටෙස්ට් තරගයේදී ලකුණු 147 ක් ලබාගත් සංගක්කාර පසුව පැවැති එක්දින තරගයකදී එංගලන්තයට එරෙහිව ලකුණු 112 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

එම්.සී.සී. සභාපතිවරයා වශයෙන් මේ වසරේ ඔක්තෝබර් 1 වැනිදා වැඩ බාරගන්නා සංගක්කාර ගේ ධූර කාලය 2020 සැප්තැම්බර් 30 වැනිදා දක්වා වේ. ලබන වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලි දෙකකදී පාකිස්තානයට සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් තරග දෙකක් ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිතය.

janahada

Latest Posts