මුම්බායි ඉන්දියන්ස් අවසන් මහා තරගයට

ක්‍රීඩා

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (7 වැනිදා) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.ඒ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.

මෙම තරඟයෙන් චෙන්නායි පිල පරාජයට පත්වුවද අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ට ලබන 10 වැනිදා අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට තවත් අවස්තාවක් හිමිවේ.
දිල්ලි කැපිටල් සහ සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම් අතර අද (8) වැනිදා පැවැත්වෙන පරාජිතයන් ඉවත් කිරීමේ තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමගින් ය.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 131 ක් ලබාගත් අතර ජයග්‍රහණය සඳහා එම ඉලක්කයක් හඹාගිය මුම්බායි පිල ඕවර 18.3 කදී කඩුලු 4 ක් පමණක් දැවී ජයගැනීමට සමත්විය.

පන්දු 54 කදී හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 71 ක් රැස්කළ සූර්යකුමාර් යාදව් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගැනීමට සමත්විය. සූර්යකුමාර්ට අනගි සහයක් ලබාදුන් ඉෂාන් කිෂාන් පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 28 ක් රැස්කිරීමට සමත්විය.

 

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 131 ක් පමණි.

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 131
(මුරලි විජේ 26, අම්බති රයිදු නොදැවී 42, මහේන්ද්‍ර සිං දෝනී නොදැවී 37, රාහුල් චහර් 14/2)

මුම්බායි ඉන්දියන්ස් - ඕවර 18.3 කදී කඩුලු 4 ක් දැවී 132
(සූර්යකුමාර් යාදව් නොදැවී 71, ඉෂාන් කිෂාන් 28, ඉම්රාන් තහීර් 33/2

janahada

Latest Posts