ශ්‍රී ලංකාවට කඩුලු 10 ක දරුණු පරාජයක්

ක්‍රීඩා

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (1 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට නවසීලන්තය සමත් විය.

එංගලන්තයේ ,කාඩිෆ්හි සොෆියා උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරඟයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 29.2 ක් අවසානයේ ලකුණු 136 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ දක්ෂ විය. ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිතිකරුවෝ ඕවර 16.1 ක් අවසානයේ කිසිවකු නොදැවී එම ඉලක්කය සපුරාගැනීමට හැකි වුවේ ඕවරයට ලකුණු 8 කට වැඩි වේගයක්ද රදවා ගනිමිනි.
ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළ මාටින් ගප්ටිල් (නොදැවී 73) සහ කොලින් මුන්රෝ (නොදැවී 58) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කදී ලකුණු 137 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග්‍රහණය කළේය. එහිදී පන්දු 51 කට මුහුණදුන්

ආරම්භක පිතිකරු ලෙස පැමිණ ශ්‍රී ලංකා ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 52 පන්දු 84 කදී හතරේ පහර 4 ක් සමග ලබාගත්තේ නායකත්වයේ වගකීම මොනවට පැහැදිලි කරමිනි.
ඒ අනුව 1999 දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ රිච්ඞ්ලි ජේකබ්ස් තැබූ වාර්තාව වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ඉනිම ආරම්භ කරමින් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි දෙවැනි පිතිකරුවා ලෙස දිමුත් වාර්තා අතරට එක් විය.
1999 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කොදෙව් ඉනිම ඇරඹූ රිච්ඞ්ලි ජේකබ්ස්ල කුණු 49 ක් ලබා ඉනිම නිමාවන තෙක්ම නොදැවී සිටිමින් එම වාර්තාව පිහිටුවීය.

අටවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි තිසර පෙරේරා පන්දු 23 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 27 ක් රැස්කළ අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් දිමුත් සමග එක්ව පන්දු 50 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේ කණ්ඩායම වැටී සිටි අසීරු තත්වයෙන් මදක් හෝ සැනසිල්ලක් ලබා දෙමිණි.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි සහ ලොකී ෆර්ගසන් කඩුලු 3 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම විනාශකර දමමිනි.

janahada

Latest Posts