ඕස්ටේ‍්‍රලියාව දෙවන තැනට

ක්‍රීඩා

2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාලියේ ඊයේ (12) පැවති තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 41 ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේ‍්‍රලියාව සමත් වූ අතර ඔවුන් ලබාගත් ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු 6 ක් ලබාසිටින ඕස්ටේ‍්‍රලියාව ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියාව සියළු දෙනා දැවී ලකුණු 307ක් රැස් කළ අතර ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ඩේවිඞ් වෝනර් ලකුණු 107 ක් ,ඒරන් ෆින්ච්ගේ 82 ,ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේදී මොහොමඞ් අමීර් නියමිත පන්දුවාර 10 දී ලකුණු 30 කට කඩුලූ 5ක් බිඳ හෙලූ අතර මොහොමඞ් අමීර් ගේ පන්දුවාර 10 තුළ දී ඕස්ටේ‍්‍රලියානු ක්‍රීඩකයන් අසරණ විය.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 45 යි පන්දු 4 ක් තුළ සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 266 ක් පමණි. ඉමාම් උල් හක් ලකුණු 53 ක් රැස්කර සිටියේය. පන්දු යැවීමේදී ඕස්ටේ‍්‍රලියාවේ පැට් කමින්ස් නියමිත පන්දුවාර 10 දී ලකුණු 33 කට කඩුලූ 3ක් බිඳ හෙලීය.

janahada

Latest Posts