විරාට් කෝලි වේගවත්ම ක්‍රීඩකයා අබියස

ක්‍රීඩා

2019 ලෝක කුසලාන තරගාවලියේ 18 වැනි තරගය අද (13) නොටින්හැම් ට්‍රෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංගනයේදී දිවා තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබුනද වර්ෂාව නිසා මේ වන විටත් ආරම්භ වී නැත.ඒ මේ වනවිට තරගාවලියේ ඉතිරි වී සිටින අවසන් අපරාජිතයන් වන නවසීලන්තය හා ඉන්දියාව අතරය.

නවසීලන්තය තමන් සහභාගි වූ තරග තුනම (ශ්‍රී ලංකාවට, බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්ථානයට)ජයග්‍රහණය කිරීමට සමත් විය.ඉන්දියාව තීරනාත්මක කණ්ඩායම් දෙකක් වන දකුණු අප්‍රිකාවට සහ ඕස්ට්‍රේලියාව පරාජය කොට අපරාජිතව සිටී.
මේ අතර මෙම තරඟය නවසීලන්තය ජය ගතහොත් ඔවුන් ප්‍රසාද ලකුණු 08 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ තවදුරටත් රැඳී සිටිනු ඇත.

අද තරගයේදී ඉන්දීය නායක විරාට් කෝලි ලකුණු 57 ක් ලබා ගතහොත් ඔහු ඒ එක්දින ලකුණු 11,000 සම්පූර්ණ කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස වාර්තාව ඔහු සතු වෙයි. මේ වනවිට එම වාර්තාව හිමි කම් කියන්නේ සචින් ටෙන්ඩුල්කාර්ය.සචින් ඉනිම් 276 කදී ලකුණු 11,000 සම්පූර්ණ කර ඇති අතර කෝලි මේ වනවිට ඉනිම 221 කදී ලකුණු 10,943 ක් රැස් කරගෙන දෙවැනි තැන පසුවේ.

janahada

Latest Posts