ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මෙම මස 31 වනදා පැවැත්වීමට නීතිපති උපදෙස් ලැබී ඇති බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා අද (10 ) සඳහන් කළේය.
තිසර පෙරේරා ලෝක ක්‍රිකට් පිලට නම්කරයි
මැයි 31 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් පිල හා ලෝක ක්‍රිකට් පිල අතර එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ලෝක ක්‍රිකට් පිලට තිසර පෙරේරා නම් කර තිබේ.
පදක්කම් ලබාගත් ක්‍රීඩක ක්‍රීඩීකාවන් අගයයි
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ පදක්කම් 6 ක් ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩීකාවන් හට අමාත්‍යාංශයක් හා රජයක් හැටියට නිසි වටිනාකමක් ලබා දී ඔවුන්ට ආසීයාතකි හා ඔලිමිපික් පදක්කම් ලබා ගැනීමට අවශ්‍ය සියලූම ශක්තිය ලබා දෙන බව පළාත් සභා සහ පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පැවසීය.
දේශපාලකයන් ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරනව-මුරලි
දේශපාලකයන් විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන බවත්, අවුරුද්දක් තුළ ක්‍රීඩකයන් 60ක් අත්හදා බැලීම අතාර්කික බවත් ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනු තිදෙනා ලංකාවට
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගි වූ බොක්සිං ක්‍රීඩක කණ්ඩායම, ලෝකඩ පදක්කම් තුනක් දිනාගෙන ඊයේ(15) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය.
ඔලිම්පික් පදක්කම් ලාභී මේරි කොම් සමඟ තරඟයෙන් අනූෂාට ලෝකඩ පදක්කම
21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු කිලෝග්‍රෑම් 45 – 48 කාන්තා බොක්සිං තරග ඉසව්වේ ලෝකඩ පදක්කම අද (11)දිනා ගත්තේය.
දිනිදු බොක්සිං අර්ධ අවසන් පූර්ව වටයට
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 64 බර පන්තියෙන් පිරිමි බොක්සිං ඉසව්වෙන් දිනිදු සපරමාදු අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට අද (08දා) සමත් වී ඇත. එ් නවසීලන්ත ක්‍රීඩකයෙකු පරාජය කරමිනි.
සංවර්ධනය හා සාමය සඳහා ක්‍රීඩාව පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව ක්‍රිකට් තරඟාවලිය
රාජ්‍ය ආයතන අතර සුහදතාවය හා සහජීවනය ඇතිකරලීම අරමුණුකර ගනිමින් අප්‍රේල් 06 දිනට යෙදී ඇති සංවර්ධනය හා සාමය සඳහා ක්‍රීඩාව පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
බර ඉසිලීමෙන් ලක්මාල්ට ලෝකඩ පදක්කමක්
අද ආරම්භ වූ විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අද (5 වැනිදා) පැවැති බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 56 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් සමත් විය.