සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම තරඟයේ දෙවන දිනය වන අද දහවල් වන විට කඩුළු 10ට ලකුණු 513ක් රැස් කළේය.පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව මේ වනවිට පන්දුවට පහර දෙමින් සිටින අතර එක් කඩුල්ලක් දැවී ලකුණු 153 ලබා සිටියි.ධනංජය ද සිල්වා ලකුණු 103 ක් සහ කුසල් මෙන්ඩිම් ලකුණු 80ක් රැස්කරමින් නොදැවි කඩුල්ලේ රැඳී සිටියි.
ශ්‍රී ලංකාව තුන්කොන් සටන ජයගනි
බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී බංග්ලාදේශය ලකුණු 79 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා ලෝලීන්ගේ පැතුම් ඉටුකරමින් තරගාවලියේ ශූරතාව දිනාගත්තේය.
ශ්‍රී ලංකාව අවසන් තරගයට
බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේදී අද (25) පැවැති තරගයේදී බංග්ලාදේශය කඩුලු 10 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
2018 පාපන්දු ලෝක කුසලානය ප්‍රථමයෙන් ශී‍්‍ර ලංකාවට
ලබන ජූනි මාසයේදී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන 2018 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ කුසලානය ඊයේ ශී‍්‍ර ලංකාවට රැගෙන එනු ලැබූ අතර, එය අද (24) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.
තුන් කොන් තරඟාවලියේ තීරණාත්මක තරඟය අද
තුන් කොන් එක්දින තරගාවලියේ තීරණාත්මක තරගයක් අද ඩකා හිදී පැවැත්වේ. සිම්බාබ්වේ හා බංග්ලාදේශය අතර පැවැත්වෙන මෙම තරගය ජය ගැනීම සිම්බාබ්වේ කණ්ඩායමට තීරනාත්මක වන අතර නොඑසේනම් අවසන් මහා තරගයට සහභාගීවීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට අහිමිවිය හැකිය.නැතහොත් සිම්බාබ්වේ කන්ඩායමට අවසන් තරගයට පිවිසීමට අවස්ථාව හිමිවන්නේ අනිද්දා දිනයේදී බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුවහොත් පමනි.
හසිත බෝයගොඩගෙන් ලෝක වාර්තාවක්
19 න් පහල යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නවසීලන්තයේදී පැවැත්වෙන අතර මෙහිදී ශ්‍රීලංකාව සහ කෙන්යාව අතර පළමු අර්ධ අවසන් පුරවා තරඟයේදී හසිත බෝයගොඩ පන්දු 182 කදී ලකුණු 191 ක් රැස්කළ අතර එය 19 පහල ක්‍රීඩකයෙකු එක්දින තරඟයකදී රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස ඉතිහාසගත වේ.
කල්පිටිය - තුඩාවේ “කයිට් සර්ෆින්”
ජනප්‍රියව තිබු “කයිට් සර්ෆින්” හෙවෙත් “සරුංගල් ක්‍රීඩාව”ලංකාවේ අරුගම්බේ ප්‍රදේශයට සංචාරකයන් ඇදීයාමට විශේෂ හේතුවක් විය. .නමුත් මෑතකදී කයිට් සර්ෆින් ක්‍රීඩාව කල්පිටිය - තුඩාව ප්‍රදේශයේද ආරම්භ වීමත් සමඟ අලුත් සංචාරක කලාපයක් ඇතිවී තිබේ. සුළුවෙන් ආරම්භ වූ කයිට් සර්ෆින් ක්‍රීඩාව මේ වන විට කල්පිටිය මුහුදු තීරය තුළ ඉතාමත්ම ජනප්‍රිය වී ඇති බව අප වාර්තාකරුවන් පවසයි.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මහා ප්‍රපාතයකට-බංග්ලාදේශයට 163 ක විශිෂ්ඨ ජයක්
තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් ලකුණු 163 ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද (19) සමත්ව විය.
චීනය පරාජය කරමින් -රාජකීය ශිෂ්‍යයන්ගෙන් ගිනස් වාර්තාවක්
තත්පර පහක කාලයක් තුළ ජල රොකට් 2000 ක් ගුවන්ගත කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට කොළඹ රාජකීය විද්‍යාලයීය දරුවන් සමත් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.