ඉන්දීය නායක විරාට් කෝලි ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ තවත් වාර්තාවක් සම කිරීමට සමත් විය.
කණ්ඩායමේ නායකයා ලෙස ටෙස්ට් ලකුණු 150,ඉක්මවා යාම 8 වතාවකදී ලබාගනිමිනි.
ඉන්දීය නායක විරාට් කෝලි ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ තවත් වාර්තාවක් සම කිරීමට සමත් විය.
කණ්ඩායමේ නායකයා ලෙස ටෙස්ට් ලකුණු 150,ඉක්මවා යාම 8 වතාවකදී ලබාගනිමිනි.
බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර බංග්ලදේශයේ ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
වසර 50ක් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා අපමණ මෙහෙවරක් කළ ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා අගයන හරසර අබිමන් ප්රණාම උළෙල ලබන බදාදා එනම් 17වැනිදා පෙරවරු 10.00ට පැවැත්වේ. ඒ කොළඹ 7 නිදහස් චතුරස්‍ර පෙදෙසෙහි පිහිටි ජාතික ඔලිම්පික් කමිටු ශ්රවණාගාරයේදීය. ප්රණාම උළෙල සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය සංවිධානය කරයි.
2018 ICC යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 13 සිට පෙබරවාරි 3 දක්වා නවසීලන්තයේ පැවැත්වෙයි.
මෙවර පැවැත්වෙන 13 වන යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට කණ්ඩායම් 16ක් සහබාගි අතර A ,B ,C ,D කාණ්ඩ ලෙස නම් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිත්වයෙන් ඉල්ලා අස්වීමට තිලංග සුමතිපාල මහතා තීරණය කරඇති බව "රැස" පුවත්පතට පවසා ඇත. සිය දේශපාලන රාජකාරි හේතුවෙන් මෙම තීරණයට ඔහු එළඹ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එම තීරණයට ඔහුට ඉහළ පෙළේ දේශපාලන බලපෑම්ද ඉවහල්වී ඇතැයි තතුදත් ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉන්දීය සුපිරි ක්‍රීඩකයකු වූ සචින් තෙන්ඩුල්කාර්ගේ පුතු 18 වියේ පසුවන අර්ජුන් තෙන්ඩුල්කාර් දැනටමත් දැනටමත් ක්‍රීඩා පිටියේ දස්කම් දක්වයි. අර්ජුන් ඕස්ටේ්රලියාවේ සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය විසින් සංවිධානය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය - ගෝලිය අභියෝග කුසලාන සදහා පැවැත්වෙන තරගාවලිය සදහා සහභාවී සිටී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තරග විකාශයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නොතකා හරිමින් කටයුතු කිරීමට මෑතක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පිරිසකගෙන් චෝදනාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ.
2017 ජාතික බර ඉසිලීමේ තරගාවලිය පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී නිමාවට පත්විය.
මෙම තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයේ පිරිමි හා කාන්තා සමස්ත ශුරතා දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසිලීමේ කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හෝ වත්මන් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් අතරින් කෙනෙකු පත් කෙරෙනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.