බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති 3 වන ටෙස්ට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27) සමත් වූ අතර ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සමවිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩාවේ ජීවගුණය : "ක්‍රීඩා ලෝලීන් කලකිරේවි"
නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට වැරදිකරු කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑම පිණිස ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අත්හිටුවීමට උත්සාහ කිරීම පිළිබඳ සැබෑ ක්‍රිකට් ලෝලීන් ඉතා කලකිරීමට පත්වනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක හර්ෂා බෝග්ලේ (Harsha Bhogle) පවසයි.
දිනේෂ් චන්දිමාල්, අසංක ගුරුසිංහ සහ චන්දික හතුරුසිංහට තරග අටක තහනමක්?
බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී කණ්ඩායම පිටියට ගෙනඒම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අයිසීසී ජගත් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා, පුහුණුකරු සහ කළමනාකරුට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
ක්‍රිකට් නිලවරණය වැළැක්වීමේ අතුරු නියෝගය ඉවතට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීම වළකාලමින් ලබා දුන් අතුරු නියෝගය විසුරුවා හැරීමට අභියාචනාධිකරණය අද (14) දිනයේ තීන්දු කළේය.
බස්නාහිර පළාත් ක්‍රීඩා උපහාර උළෙල ජූනි 08 දා
බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමේ අරමුණින් වසරක් පාසා පවත්වනු ලබන ක්‍රීඩා උපහාර උළෙල මෙවරත් පළාත් පාලන, පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් ජූනි මස 08 වන දින අවිස්සාවේල්ල , කොස්ගම ”ලැවෙන්රෝ ගාර්ඞ්න් ” හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය පදකම් දිනූවන්ට “සයුරපුර” නිවාස
පසුගියදා ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී නිමාවූ 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ශ්‍රීලාංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන් 06 දෙනෙකු සඳහා අඟුලාන “සයුරපුර” මහල් නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දීම පසුගියදා ජනාධිපති වරයා සහ අග්‍රාමාත්‍ය රවරයාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරුණි.
25 වැනි රන් සටනේ ජය ත්‍රිකුණාමලය කෝනේස්වරා විද්‍යාලයට
පිටපළාත් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමෙන් ජාතික කණ්ඩායම ශක්තිමත් කළ හැකිබව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා යොමු විය යුතුයි
තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා ක්‍රීඩකයන් සහභාගී කරවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නිළධාරීන් සහ ක්‍රීඩා, පලාත් සභා හා පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.
විනෝජ්,සුගත් සහ මීටර් 200
විනෝජ් සුරංජය මීටර් 200 ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකාරයා විය.ඒ දශක දෙකක් සුගත් තිලකරත්නගේ නමට පැවති වාර්තාව බිඳ දමමින්ය.කාලයකට පස්සෙ ක්‍රීඩාවේ දෝමනස්ස පසෙකලා කතා කරන්නට මාතෘකාවක් ලබා දෙන්නට සුරංජයට හැකි වීම අපූරුය.