රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනවීම 98%ක් අනුමත කරයි

විදෙස්

ඇමෙරිකා සෙනට් සභාව නව යෝජනාවක් සම්මත කරගනිමින් රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනවීම සඳහා සුදානම් වන අතර එසේම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාවට දැනට පනවා තිබෙන සම්බාධක ලිහිල් කිරීමට පෙර යෝජනාව සම්මත කරගැනීමට සෙනට් සභාව කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකා සෙනට් සභාව රුසියාවට සම්බාධක පැනවීමට තීරණය කල කරුණු වන්නේ පසුගිය වසරේ පැවැති ඇමෙරිකා ජනාධිපතිවරණයට රුසියාවේ මැදිහත්වීම, යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය බලෙන් අත්පත් කරගැනීම මෙන්ම වසර හයක් තිස්සේ පවතින සිරියානු සිවිල් යුද්ධයේදී සිරියානු ආණ්ඩුවට සහාය දීම යන හේතුයි.

මෙලෙස රුසියාවට සහ ඉරානයට සම්බාධක පැනවීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී පක්ෂ ඡන්ද 98ක් ද විපක්ෂව ඡන්ද 2ක් පමණි.
මේ සමඟ ඇමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයා රුසියාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට දරන උත්සාහයට බාධා එල්ල වනු ඇතැයි විදෙස් දේශපාලන මතධාරීන් පවසයි.

Latest Posts