කියුබාවේ නව ජනපති –57 හැවිරිදි ඩයස් කානල්

විදෙස්

ඊයේ  දින(19) පැවති කියුබානු පාර්ලිමේන්තු සැසිවාරයෙන් අනතුරුව කියුබාවේ නව ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ 57 හැවිරිදි ඉන්ජිනේරුවෙකු වන ඩයස් කානල් බව එරට මාධ්‍ය වාර්තා කරයි.


විප්ලවිය නායක ෆිදෙල් කැස්ත්‍රෝගෙන් පසු කියුබාවේ ජනාධිපති ධුරය හොබවනු ලැබූවේ රාවුල් කැස්ත්‍රෝ විසිනි.රාහුල් කැස්ත්‍රෝ වසර 10ක් කියුබාවේ ජනාධිපති වරයා ලෙස කටයුතු කරන ලදී.

ඉදිරි වසර 05 සඳහා කියුබානු පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කරගැනීමේ මැතිවරණය පසුගිය මාර්තු 11 වැනි දින පැවැත්විණි.රාවුල් කැස්ත්‍රෝ එම මැතිවරණයට ඉදිරිපත් නොවුන අතර ඔහු තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද නොවේ. ඒ හේතුවෙන් ඔහුට ජනාධිපති ධුරය නොලැබෙන අතර ඉදිරි කාල වකවානුව සඳහා කියුබාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ඩයස් කානල් ය.
බොහෝ කලක් කොමියුනිස්ට් පක්ෂයේ කටයුතු කරමින් සිට 1994 වසරේ දී විල්- ක්ලාරා ප්‍රාන්තයේ ප්‍රථම පක්ෂ ලේකම් ලෙස කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුව නියෝජනය කරන ඩයස් කානල් 2003 වසරේ හොල්ජින් ප්‍රාන්තයේ පක්ෂ ලේකම් ලෙසත් 2009 වසරේ කියුබාවේ උසස් අධ්‍යාපන අමාත්‍ය ලෙසත් 2012 වසරේ අමාත්‍ය මණ්ඩලයේ උප සභාපති ලෙසත් ඉන් වසරකට පසු කියුබාවේ ප්‍රථම උප ජනාධිපති ලෙසත් කටයුතු කරනු ලැබීය.

රාවුල් කැස්ත්‍රෝ මහතා තව දුරටත් කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

janahada

Latest Posts