ඉන්දුනීසියාවේ සුරබයා හි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

විදෙස්

ඉන්දුනීසියාවේ සුරබයා හි පිහිටි පොලිස් මූලස්ථානයට අද ( මැයි 14) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.



මෝටර් බයිසිකයලයක නැගී පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ සුරබයා නගරය තුළ ඉරිදා සිදුවූ පිරිරීම් මාලාවෙන් දිනකට පසුවය.

එරට වේලාවෙන් උදෑසන 8.50 ට පමණ හටගත් පිපිරීමෙන් පොලිස් නිලධාරීන් තුවාල ලද බව වාර්තා වුව ද නිවැරදි ප්‍රමාණය කොතෙක්දැයි පැහැදිලි නැත.

ඉරිදා දේවස්ථාන තුනකට එල්ලවූ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙක් මියගියහ.

එම ප්‍රහාර තමන් විසින් මෙහෙයවන ලදැයි ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පවසා ඇත.

එම ප්‍රහාර "බියගුලු හා අමානුෂික" යැයි හඳුන්වාදුන් ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ, "ත්‍රස්තවාදය නතර කිරීම ගන්නා පියවරට ලිහිලක් " නොවනු ඇතැයි පැවසීය.
අද එල්ලවූ ප්‍රහාරය ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධයක් ඇත්ද යන්න පැහැදිලි වී නැත.

මේ සම්බන්ධයෙන් වැඩි යමක් ප්‍රකාශ කළ නොහැකි බව නැගෙනහිර ජාවා හිදී පැවසු පොලිස් ප්‍රකාශකවරයා "විපතට පත් වූ අය හඳුනාගැනීම සහ අපරාධය වූ ස්ථානයේ අදාළ කටයුතු තවමත් ක්‍රියාත්මක වනවා" යැයි කියා සිටියේය
-bbc

Latest Posts