හවානා- ගුවන් අනතුරින් මියගිය ගණන 100 ඉක්මවයි

විදෙස්

කියුබාවේ හවානා අගනුවර ප්‍රධාන ගුවන් තොටුපළ ආසන්නයේ දී බෝයිං 737 වර්ගයේ යානයක් අනතුරට පත්වීමෙන් 100 කට අධික පිරිසක් මියගොස් ඇත.



එය දශක ගණනාවක් තුළ එරට සිදුවූ දරුණුතම ගුවන් අනතුර ලෙසින් සැලකේ.

ජීවතුන් අතර සිටි කාන්තාවන් තිදෙනෙකු සුන්බුන් අතරින් බේරා ගන්නා ලද නමුත්, ඔවුන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තාවේ.

අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් යානය තුළ, මගීන් 104 ක් සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සිටි බව ද වාර්තාවේ. එය වසර 40 ක් පමණ පැරණි යානයකි.

කියුබානු බලධාරීන් විමර්ශනයක් ආරම්භකර ඇති අතර දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

බෝයිං 737-201 යානය හවානා ගුවන්තොටුපළින් ගුවන් ගතවී සුලු මොහොතකින් අනතුරට පත්වූයේ සිකුරාදා (18) එරට වේලාවෙන් මධ්‍යාහ්න 12 ට පමණය. අභ්‍යන්තර ගුවන් ගමනක යෙදුන යානාව දිවයිනේ නැගෙනහිර පිහිටි හොල්ගින් (Holguin) වෙත පියාසර කරන්නට නියමිත විය.

කාර්යමණ්ඩලයේ සය දෙනාම මෙක්සිකන් ජාතිකයන් වූ අතර මගීන්ගෙන් බහුතරය කියුබානු ජාතිකයෝ වූහ. මගීන් අතර විදේශිකයන් 5 දෙනෙකු සිටි බව ද වාර්තාවේ.
අනතුර පිළිබඳ තවමත් අවසාන නිගමනයකට එළඹිය නොහැකි වුවත්, ඇසින් දුටු තොරතුරු අනුව යානාව ඉහළ අහසේදී ගිනි ගෙන කඩා වැටුණ බව අනාවරණයවී තිබේ. යානාව කඩා වැටුනේ හවානා ගුවන් තොටුපළ ආසන්නයේ ඇති කැළෑබද ප්‍රදේශය සමීපයටය.

bbc

janahada

Latest Posts