සෞදි අරාබියේ කාන්තාවන්ට එරට ඉතිහාසයේ පළමුවරට රියදුරු බලපත්‍ර නිකුත් කරති

විදෙස්

මේ අනුව, ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර හිමි සෞදි කතුන් දස දෙනෙකු හට එරට රියදුරු බලපත්‍ර ඊයේ (04) ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.



රියාද් අගනුවරදී පළමුවරට කාන්තාවකට රියදුරු බලපත්‍රයක් ලබාදීමේ වීඩියෝවක් මේ වන විට සමාජ ජාල පුරා පැතිරයමින් තිබේ.

ලබන සතියේදී කාන්තාවන් 2,000කට පමණ බලපත්‍ර ලබාදීමට කටයුතු යොදා ඇතැයි එරට ප්‍රවෘත්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

කාන්තාවන්ට රියදුරු බලපත්‍ර නිකුත් කරන මෙන් සවුදි අරාබියේ සල්මන් රජතුමා පසුගිය සැප්තැම්බරයේදී නියෝග කර තිබුණු අතර, මේ අනුව රිය පැදවීම සඳහා කාන්තාවන් මත පනවා තිබුණු තහනම මෙම 24දා දින ඉවත්වනු ඇත.

කාන්තාවන්ට රිය පැදවීම මෙතෙක් තහනම් වී තිබූ ලොව එකම රට සවුදි අරාබිය වේ

janahada

Latest Posts