සිංගප්පුරුවට පැමිණි කිම් ගෙවු කාලය-සතුරන් නොමග යැවිමට ගුවන් යානා තුනක් ඇවිත්

විදෙස්

ලොවම බලා සිටි අමෙරිකානු උතුරු කොරියානු ඓතිහාසික සමුළුව  සිංගප්පූරුවපැවැත්විණි. සිංගප්පුරුවේ සෙන්තෝසා දුපතේ පිහිටි තරු පන්තියේ සුපිරි හෝටලයක් වන කැප්ලෝ හෝටලය රාජ්‍ය නායකයින් දෙපළ සාදරයෙන් පිළිගත්තේය.



එම හෝටල් පරිශ‍්‍රය  පසුගිය11  සහ  (12) යන දින දෙකේදී  අමෙරිකාව සහ උතුරු කොරියාව සඳහා පමණක් වෙන් කර තිබිම  විශේෂත්වයකි.
නියමිත වේලාවට අනුව සිංගප්පූරු වේලාවෙන් 12  උදෑසන 09ට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොංග් උන්, කැප්ලෝ හෝටලයේදී හමු විය. නායකයින් දෙදෙනා වෙනුවෙන් එහි දොරටු දෙකක් වෙන් කර තිබු අතර ඔවුන් වෙන් වෙන් වශයෙන් එකම වේලාවකදී නියමිත දොරටුවලින් හෝටලයට පිවිසීණි..  මෙවැනි ඓතිහාසික හමුවකදී එක් නායකයෙකු පැමිණ අනෙක් නායකයාගේ පැමිණීම වෙනුවෙන් බලා සිටීම වැළැක්වීම සඳහා සිංගප්පූරුව මෙම සැලසුම් සකස් කළ බවය විදෙස් මාධ්‍ය පැවසුවේය.

කැප්ලෝ හෝටල් පරිශ‍්‍රය ආශි‍්‍රතව විශේෂ අධි ආරක්ෂිත කලායක් නම් කර තිබු අතර එම කලාපයට ඇතුලූවන පුද්ගලයින් විශේෂ පරික්ෂාවකට ලක් කලේය. එම කලාපය වෙත ඩ්‍රෝන කැමරා. ධජ, නාම පුවරු, ප‍්‍රදර්ශන පුවරු සහ ගිනි ඇවිලෙන සුළු උපකරණ රැගෙන ඒම තහනම් කර තිබිණි..
.
සමුළුව ආවරණය කිරීම සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් 3,000 ක් පමණ  සිංගප්පූරුවට පැමිණ සිටියේය.

උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සිය සිංගප්පුරු සංචාරය අතරවාරයේදී බෙහෙවින් අපහසුතාවයට පත්ව සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (12) දින සවස පැවති ප්‍රවෘත්ති සාකච්ජාව අතරවාරයේදී හෙළිදරව් කළේය. මෙහිදී අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඉදිරියේ කිම් ජොංග් උන් අපහසුතාවයට පත්වූ බවත් ද්විපාර්ශවික සාකච්ජා අවසන් වූ විගස ඔහු යලි උතුරු කොරියාව බලා පිටත්ව ගිය බවයි.

මේ අතර උතුරු කොරියානු නායකයා සිය රටේ සිට සිංගප්පුරුව බලා ඒම සඳහා ගුවන් යානා තුනක් යොදා ගෙන තිබිණි.. ඉන් ගුවන් යානා දෙකක් සතුරන් නොමග යැවීම සඳහා (Decoy Flights) යොදා ගන්නා ගුවන් යානා ලෙස යොදාගෙන තිබිණී. එම ගුවන් යානා 03 වුයේ IL-76, එයාර් චයිනා බොයිං 747 ගුවන් යානාවක් සහ සෝවියට් රුසියාවේ නිෂ්පාදිත Ilyushin IL62 ගුවන් යානායි.
උතුරු කොරියානු නායකයා සිංගප්පුරුව බලා පැමිණියේ එයාර් චයිනා බොයිං 747 දරණ ගුවන් යානයෙනි. අනෙක් ගුවන් යානා දෙකෙන් එකක් වන  IL-76 දරණ ගුවන් යානය මගින් උතුරු කොරියානු නායකයාගේ නිල රථය, සමුළුව පැවැත්වෙන කාලය තුලදී අවශ්‍ය කරනු ලබන ඔහුගේ ආහාර පාන ද ජංගම වැසිකිලිය රැගෙන පැමිණි ඇත.
උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය සහ අනෙක් උතුරු කොරියානු නියෝජිතයින් රැගත් සෝවියට් රුසියාවේ නිෂ්පාදිත Ilyushin IL62 දරණ ගුවන් යානය සිංගප්පුරුව බලා පැමිණියා.

සාමාන්‍ය වශෙයන් ගත් කළ උතුරු කොරියාවේ සිට සිංගප්පුරුව බලා ඒමට ගුවන් යානයකට පැය 6.5 ක කාලයක් ගත වුවත් උතුරු කොරියානු නායකයා රැගත් ගුවන් යානයට සිංගප්පුරුව බලා ඒමට පැය 10 ක කාලයක් ගතව තිබුණි.. එයට හේතුව වී ඇත්තේ උතුරු කොරියානු නායකයා පැමිණියේ චීනය හරහා වෙන්වූ ආරක්‍ෂිත ගුවන් මාර්ගයකින් වීමයි. චීනයේ ආරක්ෂක අංශ උසස් බලධාරියෙක් විදෙස් පුවත් සේවයකට පවසා සිටියේ උතුරු කොරියානු නායකයා සිය රටට ඉහළින් පියාසර කරන විට ඒ වෙනුවෙන් තම රටට සුවිශේෂි වූ ආරක්ෂක උපක්‍රම කිහිපයක් අනුගමනය කිරීමට සිදුවූ බවයි.

සතුරන් නොමග යැවිමට ගුවන් යානා තුනක් ඇවිත්

මෙම සංචාරය අතර වාරයේදී උතුරු කොරියානු නායකයා සිය ආහාර සඳහා ලබා ගත්තේ ඔහුගේ ආරක්ෂකයින් ගේ අධීක්ෂණය යටතේ පිසන ලද ආහාර වීමද විශේෂත්වයක් ගනු ලැබුවා.
එමෙන්ම ඔහු සිය ශරීර කෘත්‍ය සඳහා භාවිත කිරීම සඳහා ජංගම වැසිකිලියක් රැගෙන විත් තිබුණී. ඒ යම් හෙයකින් හෝ තමාගේ මළමුත්‍රා CIA ඇතුළු විදෙස් රහස් ඔත්තු සේවාවන් අතට පත්වීම වැළැක්වීම සඳහා ඔහු මෙලෙස සිය ආරක්ෂාව වෙනුවෙන් ගනු ලැබූ පියවරක් බව වාර්තාවෙි.

මෙලෙස පුද්ගලයෙකු ගෙන් ලබා ගන්නා මළමුත්‍රා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම මගින් එම පුද්ගලයාගේ පෙලෙන්නාවූ රෝගාබාධා, ඔහු ප්‍රතිකාර ලබමින් සිටිනවාද යන්න ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාවක් තිබෙනවා.

මිට පෙර අවස්ථා කිහිපයකදී මේ අයුරින් විදෙස් සංචාරයන් හිදී රාජ්‍ය නායකයින් ගේ මළමුත්‍රා සාම්පල් ලබා ගත් බුද්ධි අංශ ඒ හරහා තොරතුරු එක් රැස්කර ගත් බවට ඉතිහාසයේ සාක්ෂි තිබෙනවා.
උදාහරණයක් වශයෙන් ගත් කළ සෝවියට් රුසියාවේ නායකයෙක් වන ලේනොයිඩ් බ්රෙස්නව් ප්‍රංශයේ සංචාරයක් නිරත වෙමින් සිටියදී ඔහු නවාතැන් ගෙන සිටි හෝටල් කාමරයේ තිබු වැසිකිලි නලය හරහා රජුගේ මුත්‍රා සාම්පල් ලබා ගෙන ඒවා වෛද්‍ය පරීක්ෂණයට ලක් කළ බව ප්‍රංශයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානි ඇලේක්සන්ඩර් ඩි මැරෙන්චස් පුවත්පතකට පවසා තිබුනා.
උතුරු කොරියානු නායකයා මෙලෙස තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙහෙස වන්නේ ඔහුව කුමන මොහොතක හෝ ඝාතනය කරනු ඇති බවට විශ්වාසයක් ඔහු තුල පවතින නිසාවෙනි.

දුවන ආරක්ෂකයින් රැසක් ඇවිත්.


මෙම හේතුව නිසාම සමුළුව අතරවාරයේදී ලෝක ජනමාධ්‍යයේ ඇස ගැටුනු උතුරු කොරියානු නායකයාගේ " දුවන ආරක්ෂකයින්" පිළිබඳව ඉන් අනතුරුව සියලුම දෙනා පාහේ කතා කරන්න පටන් ගත්කත්ය.
යුරෝපිය ඇදුම් හැද ගත් "දුවන ආරක්ෂකයින්" පිරිස කිමිගේ ආරක්ෂාවට පැමිණ සිටිම කාගෙත් කථාබහට ලක් විය.

උතුරු කොරියානු නායකයාගේ ආරක්ෂාව භාරව සිටින්නේ එරට "මධ්‍යම පක්ෂ කාර්යාලය #6" යන කේත ක්‍රමයෙන් හදුන්වනු ලබන ආරක්ෂකයින් කණ්ඩායමටයි. ලෝකයේ අනෙක් ජනාධිපතිවරුන්ට මෙන්ම උතුරු කොරියානු නායකයාගේ ආරක්ෂාව උදෙසා අදියර 03 කින් යුත් ආරක්ෂක නිලධාරින් වළල්ලක් පැය 24 පුරාවට රාජකාරියේ නිරතව සිටියි.

මින් සමීප ආරක්ෂකයින් ලෙස කටයුතු කරනු ලබන්නේ ඉහත සඳහන් කළ මධ්‍යම පක්ෂ කාර්යාලයේ #6 යන නිලධාරින් වන අතර ඔවුන් "ඇජුටන් හෙවත් විධායක ආරක්ෂකයින්" ලෙස නම් කරනු ලබනවා. මෙම පිරිස යුරෝපිය ඇදුම් හැදී පිරිසක් වන අතර උතුරු කොරියානු නායකයාගේ වම් සහ දකුණු පසින් නිලධාරින් 06 දෙනා බැගින් ද පිටුපසින් තවත් 06 දෙනෙකු සිය ආරක්ෂක රාජකාරියේ යෙදෙයි.
ඊට අමතරව තවත් සිවු දෙනෙකු ගෙන් යුත් ආරක්ෂක නිලධාරින් පිරිසක් උතුරු කොරියානු නායකයාගේ ඉදිරියෙන් ගමන් කරන බවය වාර්තා වෙි.

උතුරු කොරියානු නායකයාගේ සමීප ආරක්ෂකයින් ලෙස කටයුතු කරනු ලබන මෙම විධායක ආරක්ෂකයින් තෝරා ගැනීමේ පරීක්ෂණය පිළිබඳව ද ඇත්තේ අපුරු සිද්ධීන් මාළාවකි. එලෙස ආරක්ෂක රාජකාරි තනතුරු සඳහා තෝරා ගනු ලබන පුද්ගලයින් කිම් පරම්පරාවේ හෝ වෙනත් උතුරු කොරියානු ප්‍රභූ පවුල් වලට නෑකම් කියන පිරිසක් පමණක් වීම විශේෂත්වයක් ගනු ලැබේ.
තෝරා ගැනීමට පෙර එම පුද්ගලයින් පහත සඳහන් කරුණු අනිවාර්යෙන් සම්පුර්ණ කර තිබිය යුතු වෙි.
1) මනා ශරිර සෞඛයෙන් හෙබි පුද්ගලයෙක් වීම
2)  කිසිදු දෘශ්‍ය හෝ ශ්‍රවණ ආබාධයක් නොතිබිම
4) උතුරු කොරියානු නායකයාගේ උසට සමාන උසකින් හෙඹි පුද්ගලයෙක් වීම
5) පුහුණු වෙන් අනතුරුව ගිනි අවි ක්‍රියාකරවීම, සටන් කලාවන් හි මනා දක්ෂයෙක් වීම මේ අතර වේ..
මෙම කරුණු සපුරා තිබෙන පුද්ගලයින් පිළිබඳව එරට බුද්ධි අංශ පුළුල් පරීක්ෂාවක් සිදුකරනු කරයි. මෙහිදී ඔහුගේ පවුල පසුබිම හා පසු-පරම්රා දෙකක් පිලිබඳ වන තොරතුරු මෙහිදී නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සේවය සදහා තෝරා ගනු ලැබෙි.

එලෙස තෝරා පත් කර ගන්නා පිරිස උතුරු කොරියානු විශේෂ බලකායට අනියුක්තව මුලික ආරක්ෂා පුහුණුව හා සටන් ක්‍රම, ගිනි අවි හැසිරවීමට අමතරව තොරතුරු තාක්ෂණය ඇතුළු අංශ ගණනාවක් පිළිබඳව පුහුණුවක් ලැබීමෙන් අනතුරුව උතුරු කොරියානු නායකයාගේ ආරක්ෂාව සදහා යොදායි..
එරට නිතිය අනුව උතුරු කොරියානු නායකයා ගේ සමීපයේ ගිනි අවියක් ළඟ තබා ගෙන සිටිමට අවසර ඇත්තේ මෙම පිරිසට පමණක් වීමද විශේෂත්වයක් වෙි.
එමෙන්ම උතුරු කොරියානු නායකයා භාවිතා කරන දුරකථන ජාලයේ සුරක්ෂිතභාවය, ඔහු භාවිතා කරන පරිඝණකයේ ආරක්ෂාව භාරව කටයුතු කරන්නේද මෙම ආරක්ෂක භට කණ්ඩායමයි.
සිංගප්පුරුවට පැමිණි උතුරු කොරියානු නායකයාගේ ආහාර පාන සිට භාවිතා කිරීමට අවශ්‍ය බව පැවසූ විට නායකයාට ලබා දිය යුතු මත්පැන් සහ සිගරට් පවා මෙම ආරක්ෂකයින් විසින් සියුම්ව පරික්ෂා කර ලබා දෙයි..
මෙම සමීප ආරක්ෂකයින් කණ්ඩායමට නිලධාරින් 200-300 ත් අතර පිරිසක් අයත් වන බවය වාර්තා වෙි.
කෙසේ වුවත් වර්ථමාන උතුරු කොරියානු නායකයා සිය පියා භාවිත කළ ආරක්ෂක භට පිරිස් වලට වඩා අඩු පිරිසක් ඔහු සිය ආරක්ෂාව සඳහා යොදවා ගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත්  සමුළුවට පෙර දින රාත්‍රියේ උතුරු කොරියානු නායක කිම් ජොංග්‍ උන් සිංගප්පුරුවේ අසිරිය විඳ ගැනීම සඳහා තමන් නවාතැන් ගෙන සිටින හෝටලයෙන් පිටතට පැමිණ සංචාරයක නියළී ඇත..

සිංගප්පුරැ කැසිනෝ ශාලත් නරබලා

මෙහිදී උතුරු කොරියානු නායකයා සිංගප්පුරුවේ සංචාරක ආකර්ෂණය දිනා ගත් ගාර්ඩ්න්ස් බේ උද්‍යානයට ගොස් ඇති අතර එහිදී තමන් සමග පැමිණ සිටි සිංගප්පුරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් සමඟ "සෙල්ෆි" ජායාරුපයක් ගැනීමටද කටයුතු කර ඇත.
ඉන් පසුව සිංගප්පුරුවේ සුපිරි තරු පන්තියේ හෝටලයක් වන මැරිනා බේ සැන්ඩ්ස් හෝටලයේ මුදුන් මහලේ සිට සිංගප්පුරුවේ අපුර්වත්වය දැක බලා ගැනීමෙන් අනතුරුව හෝටලය තුල පිහිටි කැසිනෝ සමාජ ශාලාව ද නිරීක්ෂණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තාකළේය.

janahada

Latest Posts