තුර්කි ජනාධිපතිවරණය: එර්දොවාන් යළි ජය ලබයි

විදෙස්

ජනාධිපතිවරණයේ පළමු වටයේ පූර්ණ ජයග්‍රහණයක් තහවුරු කර ගැනීමත් සමග තුර්කියේ දීර්ඝ කාලයක්තිස්සේ නායකත්වය දරන රිචෙප් තයියීප් එර්දොවාන් විසින් තවත් වසර පහක් සඳහා බලය තහවුරු කර ගනු ලැබ ඇත.



මැතිවරණ ප්‍රධානී සාදි ගුවෙන් කියා සිටියේ "වලංගු ඡන්දවලින් පූර්ණ බහුතරයක්" ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බවය.

ගණන් කරන ලද ඡන්ද 99% කින් 53% ක් එර්දොවාන් වෙත ලැබී ඇතැයි රජයේ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඔහු ළඟට සිටින ප්‍රතිවාදී මුහරම් ඉන්ස් ඡන්දවලින් 31% ලබා ගෙන ඇති බව ඉහත කී වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.
ඉහත කී ප්‍රතිඵල විපක්ෂය විසින් නිල වශයෙන් පිළිගනු ලැබීමට නියමිතව ඇති අතර "ප්‍රතිඵලය කුමක් වුවත්" සිය ප්‍රජාතන්ත්‍රවාදී සටන ඉදිරියටත් සිදු කෙරෙනු ඇති බව ඔවුහු පවසති.

රාජ්‍ය මාධ්‍ය විසින් ප්‍රතිඵල විකාශනය කරනු ලැබීම සම්බන්ධයෙන් විපක්ෂය මීට පෙර සැක පළ කළේය. අවසන් ප්‍රතිඵලය සිකුරාදා (29) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙවර ජනාධිපතිවරණය විශ්ලේෂකයන් විසින් හඳුන්වනු ලැබුවේ වසර ගණනාවකට පසු උග්‍ර සටනක් පැවති මැතිවරණයක් ලෙසය. නව විධායක ජනාධිපති ධුරය යටතේ රිචෙප් තයියීප් එර්දොවාන්ට පුළුල් බලයක් හිමිවනු ඇත.
ශක්තිමත් ආර්ථිකයකට නායකත්වය දුන් ජනපති එර්දොවාන් සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම තුළින් දැඩි ඡන්ද පදනමක් ගොඩනගා ගැනීමට සමත්විය.

විපක්ෂ කණ්ඩායම් පසුපස හඹා ගොස්, එක්ලක්ෂ හැටදහසකට ආසන්න සංඛ්‍යාවක් බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් හැටහතර හැවිරිදි ජනාධිපතිවරයා දෝෂදර්ශනයට ලක්වේ.

අන්කාරා අගනුවර පිහිටි සිය පක්ෂ මුලස්ථානයේ සිට සිය ජයග්‍රහනය පිළිබඳ අදහස් දක්වමින් එර්දොවාන් කියා සිටියේ, "මේ මැතිවරණයේ ජයග්‍රාහකයන් වන්නේ මිලියන 81 ක් වූ මාගේ රටවැසියන් සියලු දෙනායි," යනුවෙනි.

bbc

janahada

Latest Posts