ඇමරිකාව Huawei එරෙහි සම්බාධක දින 90කට කල් දමයි

විදෙස්

ඇමරිකාව විසින් චීන හුවාවෙ (Huawei) සමාගමට එරෙහිව සම්බාධක පැනවීමට පසුගිය දා තීරණය කර තිබු නමුත් එය දින 90කට කල් දමන බව ඇමරිකාව පවසා ඇත.


මේ අනුව ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළේ ,හුවාවෙ (Huawei) සමඟ සහයෝගතා පවත්වන සමාගම් වලට දින 90 ක තාවකාලික අවසරයක් ලබා දෙන බව ඇමරිකාවේ වාණිජ දෙපාර්තමේන්තුව පවසා ඇති බවයි.
එම සම්බාධක පැනවීම කල් දමා ඇතත් පෙර පනවා තිබූ තහනම අහෝසි කර නොමැති බව ඇමරිකාව අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍යවල දැක්වේ.
කෙසේ වෙතත් හුවාවෙ (Huawei) සමාගමෙ නිර්මාතෘ Ren Zhengfei මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව නිකුත් කළ එම දින 90ක තාවකාලික අවසරයෙන් වැඩි ප්‍ර‍යෝජනයක් නොමැති බවයි.
හුවාවෙ (Huawei) සමාගමේ ශක්තිය කෙරෙහි ඇමරිකානු දේශපාලනඥයන් අව තක්සේරු කළ බවද ඔහු එහිදී සඳහන් කර ඇත.
එමෙන්ම ඇමරිකාව ගෙන ඇති තහනම් පියවරවලින් හුවාවෙ (Huawei) සමාගම ක්‍රියාත්මක කරන 5වන පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණ සංවර්ධනයට බලපෑම් එල්ල නොවනු ඇති බවට හෙතෙම විශ්වාස පළ කර තිබේ.
මේ අතර, ඇමෙරිකාව චීන හුවාවෙ (Huawei) සමාගමට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව බොහෝ රටවල නායකයන්ගේද අවධානය යොමුව ඇත.

Latest Posts