ගුජරාට්' ප්‍රාන්තයේ 'සුරාට්' හි ගින්නකින් ළමුන් 17 මියයයි

විදෙස්

බටහිර ඉන්දියාවේ 'ගුජරාට්' ප්‍රාන්තයේ 'සුරාට්' (Surat ) නගරයේ පෞද්ගලික පන්ති පැවැත්වෙන ස්ථානයක ඇති වූ ගින්නකින් සිසුන් 17 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය නිලධාරීහු පවසති.

ගින්න අතරතුර උපකාරක පන්තියේ සිසුන් ගොඩනැගිල්ලෙන් ඉවතට පැන ගැනීමට තැත් කරද්දී ඔවුන් බිමට වැටෙන ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
ගින්නට හේතුව වායුසමීකරණ පද්ධතියේ විදුලිය කාන්දුවක් විය හැකි බවට විශ්වාසයක් පළ වෙමින් ඇතැයි ඉන්දීය නිලධාරීහු පවසන අතර ගින්නට ගොදුරු වූ වැඩිදෙනා වයස අවුරුදු 20 ට අඩු යොවුන් වියෙහි පසුවූ සිසුහු වෙති.
ගින්නට ගොදුරුව බරපතල ලෙස පිළිස්සුන සිසුන් විසිදෙනකුවත් ගුජරාට් ප්‍රාන්තයේ රෝහල්වලට ඇතුළත් කරනු ලැබ ඇත.

පෞද්ගලික පාසල් ගොඩනැගිල්ලේ වහල ගින්නක් ඉක්මණින් පැතිර යා හැකි ද්‍රව්‍යවලින් නිමවා තිබු නිසා එක වරම ගින්න පැතිර ගොස් ඇති බව ඉන්දීය නිලධාරීහු පවසති.
පන්තිකාමර තුළ සිටිය සිසුන් ගින්නෙන් පිලිස්සීමෙනුත්, තවත් අය ගොඩනැගිල්ලෙන් පැනීමේදී වැටීමෙනුත් ජීවිතක්ෂයට පත් වු බවත් ගුජරාට් ප්‍රාන්තයේ ගිනි නිවන හමුදාවේ බටයන් අදහස් දක්වමින් සඳහන් කළේය.

Latest Posts