ඇෆ්ගන් හමුදාව වැරදීමකින් පවුලක් ඝාතනය කරයි

විදෙස්

ඇෆ්ගනිස්ථාන හමුදාව එරට නැගෙනහිර නන්ගහාර් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කාන්තාවක සහ දරුවන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකුගෙන් සමන්විත පවුලක් ඝාතනය කර ඇත.

තලිබාන් කැරලිකරුවන් ඉලක්ක කර සිදු කළ මේ මෙහෙයුමේදී මෙසේ පවුලක් ඝාතනය වීම වැරදීමකින් සිදු වුවක් බව එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් ශේර්ශාඩ් දිස්ත්‍රික්කයේ ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශක අතාවුල්ලා කොයානි පවසා ඇත. මෙම මෙහෙයුම සිදු වූ රාත්‍රියේ ඝාතනයට ලක්වූ පවුල නගරයෙන් පිටතට යමින් සිට ඇති බවත්, එම වාහනය ඉලක්ක කර ආරක්ෂක අංශ බරපතල ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඔහු අල්ජසීරා පුවත් සේවයට සදහන් කර ඇත.

ඝාතනයට ලක්වූවන්ගේ සිරුරු රැගෙන ඊයේ (25) ජලලාබාද් ප්‍රාදේශීය අග නගරයට පැමිණි ප්‍රදේශවාසීන් මේ අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටු කරන ලෙස පවසමින් විරෝධතා පවත්වා තිබේ.
ඇෆ්ගනිස්ථානයේ සිටින එක්සත් ජාතීන්ගේ සහන මෙහෙයුම් කණ්ඩායම් ප්‍රකාශකයෙක් විදෙස් මාධ්‍යයට පවසා තිබුණේ 2019 ජනවාරි - මාර්තු කාලය තුළ ආයුධ සන්නද්ධ කණ්ඩායම් විසින් ගැටුම් අතරතුර එල්ල කළ ප්‍රහාරවලදී ලොව පුරා සිවිල් වැසියන් 227 දෙනෙකු ඝාතනය වී ඇති බවත්, 736 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ය.

Latest Posts