මරණ දඬුවම ලැබූ පළමු ප්‍රංශ ජාතික IS සැකකරුවන් තිදෙනා

විදෙස්

ත්‍රස්ත සංවිධානය හා එක්වීමේ වරදට ඉරාකය විසින් ප්‍රංශ ජාතිකයන් තිදෙනෙකු හට මරණ දඬුවම ලබාදී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර ප්‍රංශ පුවත් සේවය විසින් මොවුන්ව නම් කර ඇත්තේ කෙවින් ගෝනෝ, ලෙනඩ් ලෝපේස් හා සලීම් මචූ ලෙසයි.


ඇමෙරිකාවේ සහය සහිත භට පිරිස් විසින් මීට මාස කිහිපයකට පෙරදී සිරියාවේ දී අත්අඩංගුවට ගත් ප්‍රංශ වැසියන් 12 දෙනා අතර සිටි මොවුන්, පසුගිය පෙබරවාරියේදී නඩුවිභාග සඳහා ඉරාකයට ගෙන ගොස් තිබුණි.
මේ අතර මරණ දඞුවමට ලක්වූ පළමු ප්‍රංශ ජාතික IS සැකකරුවන් තිදෙනා ලෙස ප්‍රංශ ඉතිහාසයට එක් වෙයි.
බැග්ඩැඩ් අධිකරණයක් විසින් ලබාදුන් මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්‍රංශය තවමත් ප්‍රතිචාරයක් දක්වා නැත.
කෙසේවෙතත්, පසුගිය පෙබරවාරියේ දී මේ පිළිබඳව සිය අදහස් විමසූ විටදී ප්‍රංශ ජනපති එමැනුවල් මැක්‍රොන් පවසා තිබුණේ මෙය ඉරාකයේ ස්වෛරීයත්වය සම්බන්ධ කරුණක් බවයි

Latest Posts