බ්‍රසීලයේ බන්ධනාගාර ගැටුම් වලින් රැදවියන් 57 ක් මිය යයි

විදෙස්

උතුරු බ්‍රසීලයේ බන්ධනාගාර කිහිපයක ඇති වූ ගැටුම්වලින් මේ වන විට රැදවියන් 57 දෙනෙකු මිය ගොස් ඇති අතර විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ(27) ඇති වූ ගැටුමකින් හතලිස් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි.

පසුගිය ඉරිදා ද රැදවියන් අතර ඇති වූ ගැටුමකින් 15 දෙනෙකු මිය ගොස් තිබේ.මෙම ඝාතන බොහොමයක් මරා දමා තිබෙන්නේ උල් කරන ලද දත් බුරුසුවලින් ඇනීම සහ ගෙළ සිර කිරීම මගිනි.මේ වන විට ගැටුම් ඇති වූ බන්ධනාගාරවලට විශේෂ ආරක්ෂාවක් ද ලබාදී ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේය .
මීට වසර 2කට පෙර ද මෙම මනාඔස් හි බන්ධනාගාරයෙන්ම ගැටුම් සහ අබිරහස් මරණ සිදුවීමෙන් රැඳවියෝ 65 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.
ලෝකයේ වැඩිම සිරකරු ජනගහනයක් ඇති රටවල් අතරින් 2 වැනි තැන බ්‍රසීලයට හිමි වේ.

janahada

Latest Posts