රාහුල් ඉවත්වේ ,සභාපතිධූරය සෝනියාට

විදෙස්

මැතිවරණ පරාජයෙන් පසු රාහුල් ගාන්ධි සිය ධූරයෙන් ඉවත්වීමෙන් පසු ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වය සෝනියා ගාන්ධිට හිමිව තිබේ. ඒ, කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (01) නවදිල්ලි නුවරදී රැස්වූ අවස්ථාවේ ගත් තීරණයකට අනුවය. ඉකුත් දා පැවැති මහමැතිවරණය හමුවේ කොංග්‍රස් පක්ෂය ලද පරාජය හේතුවෙන් එහි සභාපතිධූරය දැරූ රාහුල් ගාන්ධි සිය ධූරයෙන් ඉවත් විය.

නේරු - ගාන්ධි පරපුරේ උරුමයක් වූ ඉන්දීය කොංග්‍රස් පක්ෂය මෙවර මහමැතිවරණයේදී හින්දු ජාතිකවාදී නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හමුවේ ලද දරුණු පරාජය හේතුවෙන් කොංග්‍රසයේ ප්‍රබලයන් රැසක් ඉල්ලා අස්වීමට සැරසෙන බව පසුගියදා ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කර්ණාටක සහ ඔඞීෂා ප්‍රාන්තවලින් ද කොංග්‍රසය දරුණු පරාජයක් ලැබූ අතර, පක්ෂ සභාපති රාහුල් ගාන්ධිට, ගාන්ධිවරුන් දශක 4කට ආසන්න කාලයක් රැක ගත් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අමේති අසුන ද රැක ගැනීමට නොහැකි වීම මෙම ඉල්ලා අස්වීමට ප්‍රධානව බලපා ඇත.එය ජයග්‍රහණය කළේ ස්මිරිටි ඉරානි(තුල්ෂි) නමැති ප්‍රවීන නිළියයි.

janahada

Latest Posts