ඇමරිකාවේ වර්ජිනියා ප්රාන්තයේ රජයේ ගොඩනැගිල්ලක අද (01)සිදුවූ වෙඩිතැබීමකින් 11 දෙනෙකු මියගොස් 6 දෙනකු තුවාල ලබා ඇත.
මේ සමඟම පැවති වෙඩි හුවමාරුවේදී ඝාතකයා මියගොස් ඇති අතර පොලිසිය පවසන්නේ ඔහු වර්ජිනියා ප්රාන්තයේ බීච් නගරයේ දීර්ඝ කාලයක සිට සේවය කරන පුද්ගලයෙකු බවයි.පොලිස් නිලධාරියෙකුද මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත.