අනුරාධපුර, අම්පාර, කිලිනොච්චිය, යාපනය සහ උඩරට තරුණ කණ්ඩායම් විසින් රචනා කරන ලද දශක තුනක සිවිල් යුද්ධයට මැදි වූ දමිළ, මුස්ලිම්, සිංහල ජන කොටස්වල පුද්ගල අත්දැකීම් එකතුවක් නිහඬ වේදනාවේ සාක්ෂියනමින් පසුගිය මැයි 21 වන දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එළිදැක්විණි.

Read more ...
Write comment (0 Comments)

කුණු කතා කියන්න එපා මිනිහෝයැයි නිතරම කියන මිත්‍රයකු අප අතර සිටියි. තමන්ට එරෙහිව හරහට, නෝක්කාඩුවට කියන ඕනෑම කතාවක් ඔහුට අනුව කුණු කතාවක් වෙයි. එබැවින් කිසිවෙකුගෙන් එවැනි කුණු කතා අහන්නට අපේ මිත්‍රයාගේ වැඩි කැමැත්තක් නැත.

Read more ...
Write comment (0 Comments)

ලෙලි ගසාගත් පොල් ගෙඩිය ඊළඟට කෙළින්ම යන්නේ කුස්සිය හෙවත් මුළුතැන්ගෙටය. පොල් බිඳෙන්නේ එහිය. එක පොල්ගෙඩියේ බෑ දෙක ගෑනු සහ පිරිමි ලෙස නම් කෙරෙන්නේ ද එහිය. පොල් ටික ගාගත් පසුව පොල් කටුව එක්කෝ කුණු ගොඩටය. නැති නම් ළිපටය. තලල්ල උතුර මිදෙල්ලමුරගම්මානයේ නිවෙස්වල දී පොල් කටුවට අත්වන සාමාන්‍ය ඉරණම එසේ වුවත් රූපා කොඩිකාර (54) මහත්මියගේ නිවසේ දී නම් පොල් කටුවට අත්වන්නේ වෙනත් ඉරණමකි.

Read more ...
Write comment (0 Comments)

අන්නාසි කා වතුර බිව් පසුව කටට දැනෙන්නේ තිත්ත, අපුල රසයකි. බොහෝ වේලාවක් යනතුරු ඒ අපුල ගතිය කටෙන්, දිවෙන් සහ උගුරෙන් පලා නොයයි. පසුගිය දිනෙක වියත් මඟ (යැයි කියන) සභාවක දී රඟදැක්වුණු රෝහණ බැද්දගේ - බන්දුල විජේවීර නාඩගම නැරඹීමෙන් පසුව ද හිතට දැනෙන්නේ එවැනිම වූ අපුල, අප්‍රසන්න හැඟීමකි. දේශපාලන - සමාජ - සංස්කෘතික මතවාද එකිනෙකට මොන තරම් වෙනස් වුව ද එවැනි නරි නාටකවලට කොක් හඬලා සිනාසිය හැක්කේත්, අත්පොළසන් දිය හැක්කේත් මන්දබුද්ධිකයන්ට මිස වියතුන්ට නොවන වග අපේ විශ්වාසයයි. එබැවින් පශ්චාත් අන්නාසි කහට රස මෙන් බොහෝ වේලාවක් නොව බොහෝ දිනක් යනතුරු මේ අපුල ගතිය හිතට දැනෙනු ඇත.

Read more ...
Write comment (0 Comments)

තැන එතනමඬල වුණත් එතන සිදු වූයේ නොසිදුවිය යුතු දෙයකි. ඒ ගැන ඔබ දැනටමත් තොරතුරු බොහොමයක් දනියි. ධනවාදයේ තුන් වන කාර්තුව ගෙවෙන මේ මොහොතේ ලෝකයේ කොතැනකවත් අහිංසකයන් නොමැති බව ඔබ හොඳින් දැන සිටිය යුතුය. ඇත්ත! අහිංසකයන් සිට ඇත. අහිංසක, අංගුලිමාල වූ කතාව අපි පාසල් පෙළ පොතෙන් පමණක් නොව දහම් පාසල් පෙළ පොතෙන් ද උගෙනගෙන ඇත්තෙමු.

Read more ...
Write comment (0 Comments)

(2017 මාර්තු 09 වන දිනට යෙදෙන ලෝක වකුගඩු දිනය නිමිත්තෙනි. )

කාලික වකුගඩු අකරණිය යනු ක්‍රම ක්‍රමයෙන් කාලයත් සමග වකුගඩු ක්‍රියාකාරීත්වය පහළ බැසීමයි.

Read more ...
Write comment (0 Comments)

රතන සාදු කොතනද?” මම එකත්පස්ව සිට මහත් ගෞරව භක්තිය පෙරදැරිව සිහින් හඬින් විමසුවෙමි.

ධ්‍යානයකට සමවැදීදෝ පිළිමයක් මෙන් නිශ්චලව හුන් සාදු මගේ කටහඬින් දැහැන බිඳී හෙමින් සීරුවේ එක් ඇසක් පමණක් හැර මවෙත කරුණාබරිත බැල්මක් යොමු කළහ.

Read more ...
Write comment (0 Comments)

මේ උදා වෙන්නෙ නත්තල් කාලය. නත්තලේ අසිරිය සැබැවින්ම විඳගන්න නම් මිනිසුන් අත සල්ලි තිබිය යුතුයි. ඒත් අද මිනිසුන්ගෙ ඉහටත් උඩින් ආර්ථික ප‍්‍රශ්න. ජීවිතේ කියන්නෙ වංකගිරියක්. ඒක තරණය කරගෙන යන එකත් ගොඩක් අමාරුයි. නමුත් දුප්පත් පැලෙත් මසක් මාළුවක් එක්ක බතක් ඉදෙන නත්තලක් ගැන අපි හීන දකිමු.

Read more ...
Write comment (0 Comments)

දූපතේ නම නයිනතිව්නාගදීපයද යන්න ඔහුට වැදගත් නැත. වෙළෙඳාම පමණක් ඔහුගේ අරමුණ වන්නේ ය. ඔහු සිංහලත් දෙමළත් හොඳින් කතා කරයි. නමුත්, ඔහු සිංහලයකු නොවේ. දෙමළකු ද නොවන්නේ ය. ඔහු මුස්ලිම් ජාතිකයෙකි. යුද්ධයේ මතක සමඟ වේදනාකාරී අත්දැකීම් ඔහුට නැතත් කතාන්දරය පීඩාකාරීය. එහි වේදනාව නොතිබේ යැයි එවිට අපට කිව නොහැකිය.

Read more ...
Write comment (0 Comments)
Page 1 of 2
janahada

Latest Posts