ඉන්දුනීසියාවේ සුරබයා හි පිහිටි පොලිස් මූලස්ථානයට අද ( මැයි 14) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
විදෙස්
ලොවටම රහසේ කිම් ජොන්ග් අන් සංචාරය කරන්නේ කෙසේද?
චීනයේ ඩාලියන් ගුවන් තොටුපලේ අභිරහස් උතුරු කොරියානු ගුවන් යානයක් නවතා තැබීම මැයි 07 සහ 08 යන දිනයන්හි දැඩි කතාබහට ලක් විය.
IBM ආයතනය තුළ USB උපාංග භාවිතය තහනම්
IBM ආයතනයේ සේවකයන්ට USB උපාංග සහ SD කාඩ්පත් වැනි දත්ත ගබඩා කර ඉවත රැගෙන යා හැකි උපාංග භාවිත කිරීම තහනම් කර තිබේ.
කිම් ජොන් අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ජුනි 12 සිංගප්පූරුවේ
ලබන මස (ජුනි) 12 වෙනිදා සිංගප්පුරුවේදී තමන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් හමුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.
ඡන්දයෙන් පත්වන ලොව වයස්ගතම(92) නායකයා මහතීර් මොහොමඩ්
මැලේසියාවේ මහා මැතිවරණයෙන් ලද අනපේක්ෂිත ජයග්‍රහණයත් සමග එරට හිටපු අගමැතිවරයෙකු වන මහතීර් මොහොමඩ් යළි බලයට පත්වන්නේ ඡන්දයකින් පත්වුණු ලොව වයස්ගතම නායකයා බවට පත්වෙමිනි.
ඇෆ්ගනිස්ථානයේ ගුවන් ප්‍රහාරවලින් දරුවන් තිස් දෙනෙකු මරුට
ඇෆ්ගනිස්ථානයේ 'කුන්ඩුස්' ප්‍රදේශයට පසුගිය මාසයේ ඇෆ්ගන් හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් දරුවන් තිස් දෙනෙකු මියගොස් ඇති අතර තවත් 51 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ඩුබායි කුමරිය අතුරුදහන්: ෂෙයිඛා ලතිෆා ගැන තොරතුරු නැහැ
අතුරුදහන් වූ කුමරිය සිටින තැන පිළිබඳ තොරතුරු හෙළි කරන්නැයි 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලයි.
දූවිලි කුණාටුවකින් රාජස්ථානයේ දෙසීයකට අසන්න බිලි
ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ඇති වූ දරුණු දූවිලි කුණාටුවකින් සියයකට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
වතිකාන් කාදිනල්වරයා ඔස්ට්‍රේලියානු අධිකරණය ඉදිරියට
වසර කීපයකට පෙර සිදු කරන ලද බව පැවසෙන ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාරය දැක්වීම සඳහා වතිකානයේ භාණ්ඩාගාරික ජෝර්ජ් පෙල් (George Pell) කාදිනල්වරයා නීතිය ඉදිරියේ පෙනී සිටිය යුතු බව අධිකරණය තීන්දු කළේය.
තමාට එරෙහි චෝදනාවලට ඔහු නිවැරදිකරු යයි කාදිනල් ජෝර්ජ් පෙල් අඟහරුවාදා (අප්‍රේල් 30) අධිකරණය ඉදිරියේ කියා සිටි අතර, කිසිදු වරදක් කර නැති බව ඔහු දිගින් දිගටම අවධාරණය කරයි.
එහෙත් එල්ල වී ඇති සියලු චෝදනා පිළිබඳව නොව, ඇතැම් චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බව ඕස්ට්‍රේලියාවේ මහේස්ත්‍රාත්වරයෙක් අඟහරුවාදා තීන්දු කළේය.
ඕස්ට්‍රේලියානු කතෝලික සභාවේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා වන හැත්තෑ හය හැවිරිදි ජෝර්ජ් පෙල් කාදිනල්වරයා වතිකානයේ ද ඉතා බලවත් චරිතයකි.
වතිකානයේ තුන්වෙනි බලගතුම චරිතය ලෙස සැලකෙන කාදිනල්වරයා, සිය රටේදී එල්ල වී තිබෙන චෝදනාවලට මුහුණදීම පිණිස පසුගිය වසරේ වතිනාකයෙන් නිවාඩු ලබාගත්තේය.
රැස්ව සිටි මාධ්‍යවේදීන් සහ මහජනතාව අතරින් ඔහු 'මෙල්බර්න්' නුවර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේ විශාල පොලිස් බලකායක ආරක්ෂාව යටතේය.
පසුගිය මාර්තු මාසයේ සිට සති හතරක් මුළුල්ලේ පැවති මූලික අධිකරණ විභාගයේ බොහෝ කටයුතු මහජනතාවට විවෘත නොවූ අතර, එහිදී ලබා දුන් බොහෝ සාක්ෂි රහසිගතය.
1990 දී මෙල්බර්න් නුවර දේවස්ථානයකදී එවැනි එක් අපචාරයක් සිදු කර ඇති බවට විවෘත අධිකරණ විභාගයකදී කාදිනල්වරයාට එරෙහිව චෝදනා කෙරිණ. එවකට ඔහු මෙල්බර්න් නුවර අගරදගුරු පදවියේ කටයුතු කළේය.
කාදිනල්වරයා 1970 දශකයේ 'Ballara't නුවර පිහිනුම් තටාකයකදී තවත් අපචාරයක් සිදුකර ඇති බව අධිකරණය ඉදිරියේ අනාවරණය විය. ජෝර්ජ් පෙල් එවකට එම ප්‍රදේශයේ පූජකවරයකු විය.
එහෙත් ඒ සියලුම චෝදනා "අසත්‍ය" බව පවසන කාදිනල්වරයා, තමා නිර්දෝෂී බව අවධාරණය කරයි.
bbc