කාන්තාවකට දියහැකි උපරිම දඩුවම සමූහයක් ඉදිරියේ ඇයව දැරුණු ලෙස අපහසුතාවට පත්කිරීම වනු ඇති බව නිසැකය. 

"මට මගේ ඇඟ විකුණන්න ඕන " ලෙස අත්අකුරින් ලියූ පුවරුවක් කරේ එල්ලාගත් කාන්තාවක් චීනයේ ෂියෑන්ෂි ප්‍රදේශයේදී විදෙස් මාධ්‍යන්හි කැමරා ඇසට ලක්වුණේ මෙලෙසිනි. තම යට ඇදුමින් පමණක් සැරසීගෙන ගමන්කළ මේ කාන්තාව හැඬුම්බරව සිටින බව ද මෙම ඡායාරූපයන් තුළ දැකගත හැකිය.

මෙලෙස ගමන් කිරීමට සිදුවී තිබෙන්නේ බීමතින් පැමිණ ඇයට පහරදුන් සැමියා ඇයට සිදුකරන ලද අඩන්තේට්ටම් වල ප්‍රතිඵලයක් ලෙසයි.

ඕල්ඩ් සැන් (37 හැවිරිදි) නැමති මේ තැනැත්තා ඔහුගේ බිරිද වන (33 හැවිරිදි) වෑන් නි වෙත චෝදනා කර සිටින්නේ ඇයට අනියම් සම්බන්ධයක් තිබෙන බවටයි. ඇය චීනයේ යුෂාන් ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී ලබාගත් ඡායාරූපයන්ද ඔහු මෙහිදී පෙන්වා ඇත.

මෙලෙස ප්‍රසිද්ධියේ දඩුවම් ලබාදුන් සැමියා ඇය පිටුපසින් පැමිණ, ඇයට අනෙක් පිරිස් අපහාස කරන අයුරු නිරීක්ෂණය කර ඇත.

Write comment (0 Comments)


ඓතිහාසික පැල්මයිරා නගරය ආසන්නයේ පිහිටි හෝම්ස් ප්‍රදේශය තුළ සිරියානු හමුදාව සහ අයි එස් ත්‍රස්තයින් අතර ඇතිවූ දරුණු සටනින් අනතුරුව අයි එස් ත්‍රස්තයින් 35ක් මරුමුවට පත්ව ඇත. එසේම මේ සටනින් අයි එස් ත්‍රස්තයින් 90 ක් පමණ දරුණු ලෙස තුවාල ලැබූ බවද වාර්තා වේ.

ඊයේ (ජූලි 8) දිනයේදී ද පැල්මයිරා ආසන්නයේ පිහිටි ප්‍ර‍දේශ කිහිපයකින්ම අයි එස් ත්‍රස්තයින් පලවා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට සිරියානු හමුදාවේ පිරිස් නසාල් හයාල්, අල් ක්වද්රි සහ තිනියට් අල් රජ්මා ප්‍රදේශවලින්ද අයි එස් සටන්කාමීන් පලවා හැර ඇත.

Write comment (0 Comments)

බැරක් ඔබාමා සහ සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ නායක නිගුයෙන් පූ ට්‍රොන් අතර පසුගිය අගහරුවාදා දිනයේදී සාකච්ඡාවක් සිදුව තිබේ. වර්ෂ 20 කට පසු දෙරට අතර ද්විපාර්ශ්වික වශයෙන් හමුවක් ඇතිවූ අවස්ථාව මෙය වන අතර වියට්නාමය තුළ ඇතිවූ යුද්ධයට වසර 40 ක් සපිරෙන්නේ මෙම වසරේදීය. මේ දෙපාර්ශ්වයේ එක්විමත් සමග චීනයට ද බලපෑම් සිදුවෙනු ඇති බවට අනාවැකි පළවී ඇත.

Read more ...
Write comment (0 Comments)

ග්‍රීසියේ මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධව එරට ඊයේ ( ජූලි 5) පැවැති ජනමත විචාරනයක් පැවත්විය.

Read more ...
Write comment (0 Comments)

ඇමරිකන් ඡායාරූප ශිල්පියකු වන බ‍්‍රැන්ඩන් ස්ටැන්ටන් නම සඳහන් නොකළ තරුණයෙකුගේ ඡායාරූපයක් පසුගියදා ෆේස්බුක් වෙත නිකුත්කර තිබුණු අතර මෙම ඡායාරූපය තවත් පුවත් මැවූ අපූරු ඡායාරූපයක් බවට පත්වීමට ගතවූයේ සුලු කාලයක්ය. මෙම ඡායාරූපයට මිලියන 13 කට අධික පිරිසක් සිය කැමැත්ක ප‍්‍රකාශකර තිබුණි. මෙම ඡායාරූපයේ සඳහන් කර තිබුණේ

Read more ...
Write comment (0 Comments)

වසර 25 ක් තිස්සේ ලිංගික සේවනයේ යෙදුණු කාන්තාවක් ඒ ජීවිතයෙන් ඈත්වී නිදහස් දිවියක් වෙත පැමිණෙනවා. ඇය බ්‍රෙන්ඩා මෙයර්ස් පවෙල් ය. බෙන්ඩ‍්‍රා ලිංගික සේවනයේ යෙදෙන්නියක් බවට පත්වෙන්නේ 1970 දීයි.

Read more ...
Write comment (0 Comments)

කාටත් පොදු වෙළෙඳපොළක් සහ ඒ ඒ රටවල්වලට අදාළ පිස්කල් ප‍්‍රතිපත්තියක් ඇති කරගනිමින් යුරෝපා හවුල කි‍්‍රයාත්මක වීම සිදුවෙයි. මේ කලාපයට පොදු මුදල් ඒකකයක් ලෙස ‘යුරෝ’ හඳුන්වාදෙන්නේ ද යුරෝපා හවුලේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුවය.

Read more ...
Write comment (0 Comments)

අයි එස් අයි එස් ත‍්‍රස්තයින් මෑතභාගයේදී සිදුකළ සංහාරයන් පිළිබඳව විවිධ වාර්තා පළවිය. මේ පිළිබඳව ලැබෙන නවතම පුවත වී තිබෙන්නේ අයිඑස් ත‍්‍රස්තයින් විසින් පැහැරගත් වයස අවුරුදු 14 ක් වූ බහාර් ( ඇගේ ආරක්ෂාව සලකා සැබෑ නම හෙළිනොකරයි * නම් වූ දැරියක් විසින් සිදුකරන ලද හෙළිදරව්වත් සමගයිි. අයිඑස් ත‍්‍රස්තයින් විසින් පැහැරගන්නා ලද මෙම දැරිය ලිංගික සේවනය උදෙසා යොදාගනු ලැබූ බව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය ප‍්‍රකාශ කළාය. එහිදී ඇගේ කන්‍යාභාවය තහවුරු කරන්නට ද ඇයට සිදුවී ඇත. කෙසේවුවත් ඉරාකයේ කුර්දිස්ථාන් කලාපයේ සිටි තරුණයෙක් විසින් ඇයව බේරාගන්නට හැකිවී ඇත. ඒ ඇමරිකන් ඩොලර් 800 ක මුදලක් ගෙවමින්ය. 

Read more ...
Write comment (0 Comments)

බොලිවුඩයේ දැවැන්ත චිත‍්‍රපටක් වන පසුගිදා තිරගත වීම ආරම්භ විය.චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ ෂූජිත් ෂිකාර් මේ මොහොත වන විට ඉන්දියාවේ වඩාත්ම කතා බහට ලක්වන පුද්ගලයා බවට පත්ව ඇත.

Read more ...
Write comment (0 Comments)
janahada

Latest Posts