ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරිමට අදාළ නියෝගය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලබා දුන් අතර ඒ අනුව අද සවස ඥානසාර හිමි බන්දනාගාරයෙන් පිටව ගියේය.

Read more ...
Write comment (0 Comments)

වසර හයක සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද පස්වරුවේ අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

Read more ...
Write comment (0 Comments)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(21) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කියන්නේ නම් තමා ඇමැතිධූරයෙන් ඉවත්වන බව වාණිජ හා කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කර ඇත.

Read more ...
Write comment (0 Comments)

පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැනගෙන තිබියදීත් එය වලක්වාගැනීමට කටයුතු නොකළ අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක ඇමතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් (20)සඳහන් කළ අතර එය අද(21) දින කතානායකවරයාට බාරදිමට නියමිතය.

Read more ...
Write comment (0 Comments)

පාස්කු ප්‍රහාරයෙන් පසු ඇතිවූ තත්වයන් මත බුර්කාව සහ නිකාබය තහනම් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක පනතේ විධිවිධාන යටතේ නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය අනුව කිසියම් තැනත්තෙකු ප්‍රසිද්ධ ස්ථානයකදී ඒ තැනැත්තා හඳුනා ගැනීමට කිසියම් ආකාරයකින් බාධාවක් විය හැකි සම්පූර්ණ මුහුණු සඟවා ගනු ලබන යම් ඇඟළුමක්, ඇඳුමක් හෝ වෙනත් ද්‍රව්‍යක් ඇඳීම හෝ පැළදීම තහනම් වෙයි.

Read more ...
Write comment (0 Comments)

අවසන් සටනේදී යුද්ධයෙන් මියගිය දමිළ ජනතාව සිහි කරමින් මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ පැවැති සැමරුම් උත්සවය දැඩි ආරක්ෂාව යටතේ සිදු කෙරුණි.
ම වන විට රට තුළ පවතින ආරක්ෂක තත්වය හේතුකොටගෙන සැමරුම් වැඩසටහන වෙනුවෙන් සහභාගිවන පිරිසගේ ආරක්ෂාව පතා මෙලෙස දැඩි ආරක්ෂාවක් යොදා තිබූ බව මුලතිව් ආරක්ෂක අංශ පවසති.

Read more ...
Write comment (0 Comments)

ජනමාධ්‍යවේදීන් ඝාතනය හා පැහැරගෙනයාමේ චෝදනා එල්ලව සිටින මේජර් ප්‍රභාත් බුලත්වත්ත මහතා නැවත සක්‍රිය සේවයට යොදා ගැනීමේ වගකීම තමා ගන්න බවත් ඔහු සේවයේ යොදවා ගැනීමෙන් කිසිදු නඩු කටයුත්තට හෝ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ද,ඔහුට එරෙහි චෝදනා වලට පවා වගකිව යුත්තේ ඔහුට අණ දුන් පුද්ගලයන් බව ද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මාධ්‍ය වෙත පැවසුවේය.

Read more ...
Write comment (0 Comments)

පසුගිය පාස්කු ඉදිරිදා එනම් අප්‍රේල් 21 වනදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දියත් කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ මාබෝල සංවිධායකයා ලෙස කටයුතු කරමින් සිට පසුගියදා හදිසියේම විදේශ රටකට පැන ගිය වත්තල – මාබෝල නගරසභාවේ හිටපු සභාපති සහ පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) වත්මන් මන්ත්‍රී මෙන්ම විපක්ෂ නායකද වන මොහොමඩ් නව්ශාඩ් නැමැත්තා අද (17) අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Read more ...
Write comment (0 Comments)

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා සිටින මාකඳුරේ මඳුෂ් සඟවා තිබූ බව කියන අවි ආයුධ කිහිපයක් ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ දී ඊයේ (16) සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Read more ...
Write comment (0 Comments)